ජඩෙල් | The Family Planning Association of Sri Lanka
ජඩෙල්
Rs 5000.00

මෙය කාන්තාවන්ගේ අතෙහි උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරන හෝර්මෝන අඩංගු කුඩා කරල් 2 මඟින් අවුරුදු 5 කට ආරක්ෂාව ලබාදේ. මෙය ඉවත් කළ වහාම නැවත ගැබ් ගැනීමේ හැකියාව ලබාගත හැකිය.

Jadelle Insertion Fee - Rs 7500.00
Jadelle Removal Fee - Rs. 1500.00
Jadelle Insertion Follow Up Fee - Rs 500.00

To make an appointment, please call: 077 955 2979

සමට යටින් සිදුකරනු ලබන තැන්පතුව සම්බන්ධයෙන් ඔබ දැනගත යුතුදේ

fpa
  • ආරක‍ෂා සහිතය
  • සාර්ථක ප්‍රතිඵල අත්කර දෙයි
  • ඉක්මණින් සරුභාවයට පත්විය හැකිය

 

සමට යටින් සිදු කරනු ලබන කරල් තැන්පතු පිළිබඳ ඔබ දැනගත යුතු දේ

  • ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයකි.
  • මෙම තැන්පතු ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිකුත් කරන කරල් විශේෂයක් වන අතර බාහුවේ උඩ කොටසෙහි ඇතුල් පැත්තෙහි සමට යටින් තැන්පත් කරනු ලබයි.

 

මෙම තැන්පතු ක්‍රියා කරන්නේ කෙසේ ද?

  • ඩිම්බ කෝෂවලින් ඩිම්බ මුදා හැරීම වැළැක්වීම
  • ගැබ් ගෙල ස්‍රාවයේ ඝනකම වැඩි කිරීම (ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළුවීම වලක්වයි).

 

එය තැන්පත් කරන්නේ කෙසේ ද?

  • තැන්පත් කිරීම සඳහා ගතවන්නේ විනාඩි කිහිපයක් පමණකි.
  • අදාළ ප්‍රදේශය පමණක් නිර්වින්දනය කිරීමෙන් තැන්පත් කරනු ලැබේ.
  • මෙම කරල් සමට යටින් තැන්පත් කරනු ලබන්නේ නිතර භාවිත නොවන අතේය.

 

එය ඇතුළු කළ යුත්තේ කුමන අවස්ථාවේදී ද?

  • ඔපස්වීම සිදුවනවිට - රුධිර වහනය ආරම්භ වී පළමු දින 07 තුළ
  • දරු උපතකින් පසු - දරු උපතකින් සති 06කට පසු
  • ගබ්සාවකින් පසු - ගබ්සාවෙන් පළමු සතිය තුළ

 

වාසි මොනවා ද?

  • කරල් ඉවත් කළ වහාම සරුභාවයට පත්විය හැකිය. - තැන්පතුව ඉවත් කළ පසු මෙම පවුල් සැලසුම් ක්‍රමයේ බලපෑම නැති වී යනු ඇත.
  • පහසුව - ඔබට එය තැන්පත් කරගෙන අමතක කොට සිටිය හැකිය.
  • සාර්ථකත‍වය - මෙය 99% ක් පමණ සාර්ථක තාවකාලික පවුල් සැලසුම්ක්‍ රමයකි.
  • දිගු කාලීන පවුල් සැලසුම් ක්‍රමයක් වීම - මෙය තැන්පත් කිරීමෙන් පසු අවුරුදු 5 ක් තුළ ගර්භනීභාවයෙන් වැළකෙන අතර මෙම වසර 5 ඇතුළත ඔබට ඕනෑම වෙලාවක එය ඉවත් කරගත හැකිය.

 

යම් අවාසියක් සිදුවේ ද? 

  • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් ආරක‍ෂා නොකරයි.
  • තැන්පත් කිරීම සඳහා පුහුණු කෙනෙකු අවශ්‍යය.
  • එය ඔසප් වීමේ රටාවට සිදුකරනු ලබන බලපෑම දැනගත හැකි වන්නේ තැන්පත් කිරීමෙන් පසුව පමණකි

 

අතුරු ආබාධ

  • ඔසප් චක්‍රයේ වෙනස්කම් (රුධිර වහනය සම්පූර්ණයෙන් නතරවීම, ඔසප් දින ගණන දික්වීම (වැඩිවීම), බිංදු වශයෙන් රුධිර වහනය, අක්‍රමවත්රු ධිර වහනය)
  • බර වැඩිවීම - ආහාර රුචිය වැඩිවීම නිසා
  • හිසරදය
  • කරකැව්ල්ල

 

තැන්පතු පිළිබඳ මිත්‍යා මත

 

1. කිරිදෙන අතර ඔබට තැන්පතු භාවිත කළ නොහැක.

- නැත. බිළිදාගේ වර්ධනය හෝ සෞඛ්‍යය සම්බන්ධයෙන් ද මව්කිරිවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය සම්බන්ධයෙන් ද හානිකර බලපෑමක් නොමැත.

2. තැන්පතු නිසා රුධිර වහනයක් නොමැතිවීම හානිකරය.

- නැත. මෙම තැන්පතු භාවිත කරන විට, ඔබට ඔපස්වීමක් සිදු නොවන්නේ නම්, එය ඔබේ සෞඛ්‍යයට හෝ අනාගත සරුභාවයට හානිකර නොවේ. මෙම ක්‍රමය ඔබව ගර්භාෂ පිළිකා වලින් ආරක‍ෂා කරයි.

3. තැන්පතු ශරීරයේ බර වැඩි කිරීමට හේතු වේ.

- නැත. ආහාර රුචිය වැඩිවීම නිසා ඔබගේ බර වැඩිවිය හැකිය. නිරන්තරව ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් මගින් මෙම තත්ත්වය පාලනය කළ හැකිය.

4. තැන්පතු මගින් පිලිකා අවධානම වැඩි කරනු ලබයි.

- නැත. තැන්පතු මගින් ගර්භාෂ අභ්‍යන්තර බිත්ති (ගර්භාෂයේ බිත්තිය) තුනී කරයි. මෙම තැන්පතු මගින් ගර්භාෂ බිත්තියේ අධිවර්ධනය වැළැක්වීම නිසා ගර්භාෂ පිළිකා තත්ත්වයන් වලක්වයි. තැන්පතු මගින් ඩිම්බ කෝෂයේ උත්තේජනය අඩු කරනු ලබන නිසා ඩිම්බකෝෂ පිලිකා තත්ත්වයන් අඩු කරනු ලබයි.

 

තැන්පතු වඩාත් සුදුසු වන්නේ කවුරුන් සඳහාද?

දිගු කාලීන පවුල් සැලසුම බලාපොරොත්තුවන යුවළවල් සහ ගර්භනීභාවය කල්දමා ගැනීමට බලාපොරොත්තතුවන නව යෞවනියන් සඳහා සුදුසුය.

 

Implant

An effective, reversible contraceptive method which is inserted just below the skin (subdermal). It is a long term reversible method which gives you protection for up to five years.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By