අවම මූලික සේවා පැකේජය (MISP) යනු සෑම මානුෂීය අර්බුදයකදීම කි‍්‍රයාත්මක කිරීම සඳහා සකස්කර ඇති ජීවිතාරකෂක කි‍්‍රයාකාරකම් කට්ටලයකි. එය සැලසුම් කළ මාපිය භාවය පිළිබ`ද ජාත්‍යන්තර සම්මේලනය IPPF විසින් පුරෝගාමීව සකස්කළ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ අවම සම්මතයන් සමූහයකි.
ලිංගික සහ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය හා සම්බන්ධ ප්රචණ්ඩත්වය යනුවෙන් හැඳින්වෙන්නේ, සිය කැමැත්තට එරෙහිව සහ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පිළිබඳ ප්රතිමානයන් පදනම්කොට සහ සමාන නොවන බල සම්බන්ධයන් සහිතව පුද්ගලයෙකුට සිදුකරන අවැඩÞයක සහ වැරදිසහගත කි්රයාවන්ය. මෙයට ප්රචණ්ඩත්වය සහ බලහත්කාරකම් පිළිබඳ තර්ජනයන්ද ඇතුලත් වේ. එය ස්වභාවයෙන් කායික, චිත්තවේගී, මානසික හෝ ලිංගික විය හැකි අතර, සම්පත් ලබානොදීම හෝ සේවාවන් සඳහා අවස්ථාවන් ලබා නොදීම වැනි ආකාරයන්ගෙන්ද සිදුවිය හැකිය. එය කාන්තාවන්ට, බාලිකාවන්ට, පිරිමින්ට සහ බාලකයින්ට හානි පමුණුවයි.
ලිංගික සහ ස්තී‍්‍ර පුරුෂ සමාජ භාවය හා සම්බන්ධ ප්රචණ්ඩත්වය අඩු කිරීමේ රජයේ පස් අවුරුදු ක්‍රමෝපාය සැලසුම අනුව අපි ප්‍රධාන අංශ 03ක කටයුතු කරන්නෙමු.
2019 වනතුරු අපගේ ප්‍රධාන අවධානය යොමුවන්නේ ගෝලීය ඉලක්කයක් සපුරා ගැනීම සඳහාය. මේ සඳහා අපි පහත සඳහන් උපදෙස් සහ සේවාවන් සපයන්නෙමු:
HIV වළක්වාලීමේ සිවිල් සමාජ වැඩසටහන් නියෝජනය කරන ප්‍රධාන ප්‍රතිලාභියා ලෙස, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙයවන ජාතික HIV මර්දන වැඩසටහන සඳහා දායක වන අතර ඔවුන්ට HIV, ක්ෂයරෝගය සහ මැලේරියාව මර්දනය කිරීම සඳහා වන ගෝලීය අරමුදලෙහි (GFATM) මුල්‍ය අනුග්‍රහය ලැබේ.
ප්‍රජාව දැනුවත් කිරීමේ සේවා : ඛෙහෙවින්ම අවදානම් සහිත (ප්රමුඛ) ජන කණ්ඩායම් හා සබඳතා ඇතිකර ගනිමින් සහ පවත්වා ගනිමින් ඔවුන්ට HIV සහ ලිංගාශ්‍රීත රෝග පිළිබඳ දැනුම ලබා දීම සහ කොන්ඩම් භාවිතය ප්‍රචලිත කිරිම.
ප්‍රජා මූලික HIV පරීක්ෂා : ප්‍රජාව ප්‍රමාණවත් පරිදි දැනුවත් කළ පසු HIVසහ ලිංගාශ්‍රිත රෝග ආසාදනයන් සඳහා පරීකෂාකර ගැනීමට සහ HIV සහ ලිංගාශ්‍රිත ආසාදනයන් ඇතිවීමේ අවදානම අඩුවන ආකාරයෙන් ඔවුන්ගේ හැසිරීම් සහ චර්යාවන් වෙනස්කර ගැනීම සඳහා ඔවුන්ව දිරිගැන්වීමට කටයුතු කරනු ලැබේ.
ප්‍රතිකාර, රැකවරණය සහ සහාය ලබාදීම : HIV සහ ලිංගාශ්‍රිත රෝග වැළඳී ඇති බවට හඳුනාගත් පුද්ගලයින්ගේ සෞඛ්‍ය සහ පෝෂණ තත්වයන් යහපත් මට්ටමකින් පවත්වාගෙන යාමට ඔවුන්ව දිරිගන්වනු ලබන අතර ප්‍රජාවන් අතර රෝග වෛරස අවම මට්ටමක පවත්වා ගැනීමට හැකිවන පරිදි, රාජ්‍ය සෞඛ්‍ය සේවාවන්ගෙන් ලබාදෙන ප්‍රතිකාර සහ ඖෂධ අඛන්ඩව ලබාගැනීම සඳහා ඔවුන්ට දිරිදීමනා ලබාදෙනු ඇත.
අවදානම් සහිත ජන කණ්ඩායම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන දිස්ති‍්‍රක්ක 13 ක මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වේ.