ඩෙපෝ - ප්‍රොවෙරා | The Family Planning Association of Sri Lanka
ඩෙපෝ - ප්‍රොවෙරා
Rs 494.00

මාස 3 කට වරක් ලබාගත යුතු කාන්තාවන් සඳහා වූ සැලසුම් එන්නතකි. ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් වන මෙය බෙල්ජියමේ නිෂ්පාදිතයකි. එන්නත නතර කිරීමෙන් පසු නැවත ගැබ් ගැනීමක් සිදුවීමට ගතවන කාලය කාන්තාවන්ගෙන් කාන්තාවන්ට වෙනස් වේ. සාමාන්‍යයෙන් මාස 7 - 12 ක පමණ කාලයක් ඒ සඳහා ගතවිය හැකිය.

Depo-Provera Injection - First visit - Rs. 1000.00
Depo-Provera Revisit - Rs. 750.00

To make an appointment, please call: 077 955 2979

පවුල් සැලසුම් එන්නත සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු දේ

fpa

  • ආරක්‍ෂා සහිතය
  • සාර්ථක ප්‍රතිඵල අත්කර දෙයි
  • තාවකාලික ක්‍රමයකි
  • පහසුවෙන් ලබා ගත හැකිය

 

එන්නත පිළිබඳව ඔබ දැනගත යුතු දේ

  • සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයකි..
  • එය මාස 03 කට වරක් ගතයුතු ප්‍රොජෙස්ට්‍රොන් හෝමෝන අඩංගු එන්නතකි. එක් එන්නතක් ඩිපෝ මෙඩ්‍රොක්සි ප්‍රොජෙස්ටරෝන් ඇසිටේට් (DMPA) මිලි ග්‍රෑම් 15 කින් සමන්විත වේ.
  • එය ඔබේ පේශියට එන්නත් කරනු ලැබේ. පේශිය හරහා හෝමෝනය සෙමෙන් රුධිර ධාරාවට නිදහස් කරනු ලබයි.

 

එන්නත් ක්‍රියාකරන්නේ කෙසේද?

  • ස්ත්‍රි ප්‍රජනන සෛල (ඩිම්බ) නිදහස්වීම වළක්වයි.
  • ගැබ් ගෙල ස්‍රාවයේ ඝනකම වැඩිකිරීම මගින් ශුක්‍රාණු වල ගමන් කිරීම අපහසු කරයි.
  • ගර්භාෂයේ අභ්‍යන්තර බිත්තිය (පටලය) තුනී බවට පත් කරන නිසා, කළලය ගර්භාෂ බිත්තියට (පුර්ව ගර්භනී අවධිය) සවි වීමක් සිදු නොවේ.

 

ආරම්භ කළ යුත්තේ කවදා ද?

  • ඔපස්වීම් සිදුවන විට

ඔසප්වීමේ මුල් දින 07 තුළ

 

  • දරු ප්‍රසූතියෙන් පසු

දරු ප්‍රසූතියෙන් සති 06 කට පසු

 

  • ගබ්සාවෙන් පසු

ගබ්සාවෙන් පළමු සතිය ඇතුළත

 

වාසි මොනවාද?

  • සාර්ථක ප්‍රතිඵල අත්කර දෙයි

නිසි ලෙස භාවිත කරන්නේ නම්, 97% ක සාර්ථකත‍වයක් තිබේ.

 

  • මව්කිරි දීම

කිරි දෙන මව්වරුන්ට සුදුසු ක්‍රමයකි.

 

  • ලිංගික සංසර්ගය සඳහා බලපෑමක් නොමැත.

 

  • දැරිය හැකි මුදලකට ලබාගත හැකිවීම සහ පහසුවෙන් ලබා ගත හැකි වීම.

පවුල් සංවිධාන සායන වලින් අඩු මුදලකට සැපයෙන අතර දිවයින පුරා පිහිටි සෞඛ්‍යය වෛද්‍ය නිළධාරි සායන(MOH)වලින් නොමිලේ සපයනු ලබයි.

 

  • පහසු බව

තුන් මාසයකටම එක් වරක් පමණක් ගැනීම අවශ්‍ය වේ.

 

මෙම පවුල් සැලසුම් ක්‍රමයෙහි අවාසි කිසිවක් තිබේද?

  • එන්නත් ලබා ගැනීම නවත්වා නැවත සරුභාවය ඇතිවීමට මාස 04 ක පමණ කාලයක් ගතවේ.
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් ආරක‍ෂා නොකරයි.

 

අතුරු ආබාධ

  • ඔසප් චක්‍රයේ සිදුවන වෙනස්වීම් ඔසප් චක්‍රය අක්‍රමවත් වේ. නැතිනම් රුධිර වහනය සම්පූර්ණයෙන් නවතී.
  • හිසරදය සහ කරකැවිල්ල.
  • පියයුරුවල සුළු වේදනාව.

 

එන්නත පිළිබඳ මිත්‍යාමත

එන්නත, මාසික රුධිර වහනය නවතයි
බොහෝ විට ඔසප් චක්‍රය අක්‍රමවත් වේ. සමහර කාන්තාවන්ට පමණක් සම්පූර්ණයෙන් නවතී. මෙයින් රක්තහීනතාව අඩු වේ. මෙම සිදුවීම සිරුරට හානිකර නොවේ.

ඔබට ඔසප්වීම සිදු නොවන විට පිළිකා ඇතිවිය හැකිය
නැත. සත්‍ය වශයෙන්ම, ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඝනකම අඩුවීමක් සිදුවන නිසා ගර්භාෂ පිළිකා පිළිබඳ අවදානම අඩුවේ. එසේම, ඩිම්බ මෝචනයවීම වළක්වන නිසා ඩිම්බකෝෂ පිළිකා ද අඩුවේ.

එන්නත, ඔබව තරබාරු බවට පත් කරයි
නැත. එන්නත මගින් ඔබව තරබාරු නොවේ. නමුත් එන්නතෙහි අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය (Progesterone) ඔබගේ ආහාර රුචිය වැඩි කරයි. මෙම තත්ත්වය නිසා වැඩියෙන් ආහාර අනුභව කිරීම නිසා බර වැඩිවීමක් සිදුවේ. ඔබගේ ආහාර වේල් පිළිබඳ සැලකිලිමත්වේ නම් සහ ව්‍යායාමවලට යොමුවන්නේ නම් ඉහත තත්ත්වය ඔබට පාලනය කරගත හැකිය.

 

එන්නත සඳහා වඩාත්ම යෝග්‍ය පුද්ගලයන් කවුද?

ගර්භනීභාවයන් අතර පරතරයක් තබා ගැනීමට බලාපොරොත්තුවන කාන්තාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට ඉතා සුදුසුය.

පවුල් සැලසුම් එන්නත

Depo Medroxyprogesterone Acetate (DMPA), is a contraceptive injection for women that contains the hormone progestin which is given as an injection once every three months. It is a highly effective contraceptive method.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By