බහු රාජ්‍ය දකුණු ආසියානු ග්ලෝබල් ෆන්ඩ් එච්. අයි. වී. ව්‍යාපෘතිය | The Family Planning Association of Sri Lanka

බහු රාජ්‍ය දකුණු ආසියානු ග්ලෝබල් ෆන්ඩ් එච්. අයි. වී. ව්‍යාපෘතිය

බහු රාජ්‍ය දකුණු ආසියානු ග්ලෝබල් ෆන්ඩ් එච්. අයි. වී. ව්‍යාපෘතිය ය‍ටතේ අනු ප්‍රදානලභියකු ලෙස ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග ගිවිසුමක් 2014 ඔක්තෝබර් මාසයේදි අත්සන් තබන ලදි. බහු රාජ්‍ය වැඩසටහන් රටවල් අටක්, එනම් ඇෆ්ඝනිස්ථානය, බංග‍ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව ආවරණය කරන අතර ගෝලීය අරමුදලවෙතින් ලත් බහු වාර්ෂික (2013-2015) ඇ.ඩො. මිලියන 16.7 ක ප්‍රදානයක් මගින් ඊට අරමුදල් සපයනු ලබයි. එච්. අයි. වී. ඒඩ්ස් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩසටහන එ.ජා. ශ්‍රී ලංකා කණ්ඩායම තාක්ෂණික සහාය සපයයි.

පිරිමින් සමග ලිංගික සබඳතා පවත්වන පිරිමින් සහ දකුණු ආසියාවේ සංක්‍රන්තික ලිංගික ප්‍රජාව අතර එච්. අයි. වී සම්බන්ධයෙන් කලාපීය වැඩසටහන අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාවේ අනු ප්‍රදානලාභියා ලෙස පළාත් පාලන ආයතන සහ සෞඛ්‍යරක්ෂණ සේවා සපයන්නන් සමග සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම, සංකේන්ද්‍රක හා ගුණාත්මක ධාරිතා සංවර්ධන සහාය ලබා දීම සහ ඉහළ මැදිහත්වීම් බලපැමක් සහ තිරසරබව සහතික කිරීමට තාක්ෂණික සහාය සැපයීම පිණිස ප්‍රජා පද්ධති ශක්තිමත් කිරීම කෙරෙහි පවුල් සංවිධාන සංගමය සිය අවධානය යොමු කරයි.

වඩාත්ම අවදානම් පාත්‍ර ජනකොටස් අතර ව්‍යාප්තිය ක්‍රමයෙන් ඉහළ යමින් පැවැතියද, ශ්‍රීලංකාව අඩු එච්.අයි.වී. ව්‍යාප්තියක් ඇති රටක් සේ සැලකේ. කෙසේවෙතත්, ඇතැම් ඉහළ අවදානම් කණ්ඩායම් අතර, විශේෂයෙන්ම පිරිමින් සමග ලිංගික සබඳතා පවත්වන පිරිමින් සහ සංක්‍රාන්ති ලිංගිකයන් අතර සැඟවුණු වසංගත තත්වයක් පවතින බවට කණස්සල්ල පළ වී තිබේ.

දැඩි සමාජ අපකීර්තිය හා ශ්‍රී ලංකාවේ සම රිසි ලිංගික චර්යාවන් අපරාධයක් ලෙස නම් කර ඇති දණ්ඩණීය නීති, මෙම ජන කොටස්වලට සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට බාධක නිර්මාණය කර තිබෙන අතර එච්. අයි. වී. නිවාරණය, ප්‍රතිකාර, උවැටන් කිරීම හා උපකාරක වැඩසටහන් සමගින් ඔවුන් කරා ළඟා වීමට සෞඛ්‍ය සේවකයන්ට හා සංවිධානයන්ට දුෂ්කරතා ඇති කරයි. මෙම තත්වයන් තුළ, තම ප්‍රජාවන්ගේ නිශ්චිත අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීමට හා ප්‍රතිචාර දැක්වීමට මෙම ප්‍රජා මූල සංවිධාන මැනවින් ස්ථානගතව සිටී.

ධාරිතා ගොඩනැංවීමේ ක්‍රියාකාරකම් මාලාවක් හරහා පිරිමින් සමග ලිංගික සබදතා පවත්වන පිරිමින් සහ සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා ලිංගික සෞඛ්‍ය හා මානව හිමිකම් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රජා මූල සංවිධාන ශක්තිමත් කිරීමට මෙම ප්‍රදානය යටතේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය කටයුතු කරනු ඇත. තවද, බලාත්මක පරිසරයක් සහ සමාජයේ නෛතික පරිසරයක් ශක්තිමත් කිරීම පිණිස පවුල් සංවිධාන සංගමය ජාතික මට්ටමේ පාර්ශවකරුවන් හා ප්‍රජා කණ්ඩායම් සමග කටයුතු කරනු ඇත.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By