ශ්‍රී ලංකාව පුරා වෙසෙන තරුණ තරුණියන්, අඩු පහසුකම් සහිත ජන කොටස් සහ විවිධ ප්‍රජාවන්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය (SRH) අවශ්‍යතා සපුරාලීමට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය කැපවී සිටියි. වයස, ස්ත්‍රී පුරුෂ භාවය, විවාහක අවිවාහක බව, මිලදී ගැනීමේ හැකියාව, ජාතිය, දේශපාලන හෝ ආගමික විශ්වාසයන්, ආබාධිත බව, ලිංගික නැඹුරුව හෝ සෞඛ්‍ය තත්ත්වය නොසලකා උසස් තත්ත්වයේ තොරතුරු, අධ්‍යාපනය, සායනික සේවා සහ අදාළ යොමු කිරීම් සඳහා අපි පහසුකම් සලසන්නෙමු.
පවුල් සැලසුම් කිරීම
අනවශ්‍ය ගැබ් ගැනීම් අවම කිරීම සඳහා ඒ පිළිබඳව දැනුවත්ව තීරණ ගැනීමට සහය වන පුළුල් උපත් පාලන උපදේශන සහ සේවාවන් අපි පිරිනමන්නෙමු.
අපගේ සායනවල භාවිතා කරන ක්‍රමවේද
හෝර්මෝනමය ප්‍රතිකාර ක්‍රම
ගිලින උපත් පාලන පෙති (මිතුරි වැනි)
ශරීරය අභ්‍යන්තරයේ කරන තැන්පත් කරන උපකරණ (ජඩෙල් - Jadelle වැනි උපකරණ)
එන්නත් මගින් ලබා දෙන උපත් පාලන ක්‍රම (ඩෙපෝ ප්‍රොවේරා Depo Provera, මාස 3කට වරක්)
levonorgestrel හෝමෝනය අඩංගු ඉන්ට්‍රායුටෙරින් ඩිවයිස් (Intrauterine Device-Mirena- ඉවත් කිරීම පමණක් සිදු කරයි)
හෝමෝනමය නොවන ප්‍රතිකාර ක්‍රම
කොපර් ඉන්ට්‍රායුටෙරින් ඩිවයිස් (IUD/Loop) - වසර 10ක් සඳහා වලංගු වේ.
පිරිමින් සඳහා කොන්ඩම්
සරුභාවය පිළිබඳ උපදේශන:
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය විසින් සරුභාවය පිලිබඳ දැනුවත් කිරීමේ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවා සපයනු ලබයි.
ප්‍රසව සහ නාරිවෙද සේවාවන්
පුළුල් පරාසයක ප්‍රසව හා නාරිවේද ලබාදෙන අතර ඒවා පහත දැක්වේ,
ඔසප්වීම සම්බන්ධ ගැටළු
ආර්තවහරණය (Menopause) ආශ්‍රිත ගැටලු
මුත්‍රාශයේ අක්‍රමිකතා/යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම පිලිබඳ ගැටලු
උදරයේ හෝ ශ්‍රෝණි ප්‍රදේශයේ වේදනාව සඳහා උපදේශන
ලිංගික සෞඛ්‍ය සායනය:
ලිංගික සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින පුද්ගලයන් සඳහා රහස්‍ය සේවාවන් ලබාදීම සිදුකරන අතර ඒවා පහත දැක්වේ.
ලිංගික අප්‍රාණිකත්වය
ක්ෂණික මෝචනය
ලිංගික ආශාව අඩුවීම
යෝනි මාර්ගයේ මාංශ පේශි හැකිලීම (Vaginismus)
ලිංගිකව එක්වීමේදී ඇතිවන වේදනාව
අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් ක්‍රියාත්මක Bloom by FPA සායනයේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු (VOG) මගින් මෙම පරික්‍ෂණ කරවාගත හැකි අතර ඒ සඳහා ඔබ පැමිණීමට පෙර දිනයක් සහ වෙලාවක් වෙන්කරවා ගත යුතු වේ.
පිළිකා පරීක්ෂාවන්
පියයුරු සෞඛ්‍යය තත්වය
අවදානම් තක්සේරු කිරීම සහ උපදේශනය
කාන්තා වෛද්‍යවරුන් විසින් පියයුරු පරීක්ෂා කිරීම සිදු කරයි.
ස්වයං පියයුරු පරීක්ෂාව සඳහා උපදෙස් සහ දැනුම ලබාදීම
අවශ්‍ය විටෙක මැමෝග්‍රැෆි (Mammography) සඳහා යොමු කිරීමද සිදු කෙරේ.
ගැබ්ගෙල සෞඛ්‍යය
ලිංගිකව සක්‍රීය පුද්ගලයින් සඳහා පැප් පරීක්ෂණ (Pap smear) සිදු කිරීම
පූර්ව පිළිකා තත්වයන් සහ පිළිකා හේතුවෙන් ගැබ්ගෙල වෙනස්කම් කල්තියා හඳුනා ගැනීම
පුරස්ථි ග්‍රන්ථි සෞඛ්‍යය
රෝග ලක්ෂණ තක්සේරු කිරීම සහ සායනික පරීක්ෂණ
පුරස්ථි ග්‍රන්ථි විශේෂිත ප්‍රතිදේහජනක (PSA) පරීක්ෂාව
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STI) සහ HIV පරීක්ෂාව
රෝග විනිශ්චය, ප්‍රතිකාර සහ වැළැක්වීමේ ක්‍රම පිළිබඳ දැනුවත්කිරීම ඇතුළු සේවාවන් ලබාදීම සහ ඒවායේ රහස්‍යභාවය සුරැකීම.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (GBV) සඳහා සේවා
අපගේ පුහුණු වෛද්‍යවරුන් සහ උපදේශකයින් ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයෙන් පීඩාවට පත් වූ කාන්තාවන්, පිරිමින් සහ ළමුන් සඳහා සහකම්පනයෙන් සහ රහස්‍ය රැකවරණය සපයයි. ඊට අදාළ සේවාවන් පහත දැක්වේ.
පරික්ෂා කිරීම සහ උපදේශනය
වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සහ නීතිමය සහය සඳහා යොමු කිරීම.
සේවාවන් ලබාදීමේදී රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය සුරැකීම
LGBTIQ+ ප්‍රජාව සඳහා සේවාවන් ලබාදීම
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික ඇතුළු ලිංගික දිශානතියේ විවිධත්වයක් සහිත පුද්ගලයින් සඳහා ගෞරවනීය සහ අන්තර්කරණය වූ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවාවන්, මනෝ සමාජීය සහය සහ දැනුම ලබාදීම සිදු කරයි.
පෝෂණ උපදේශනය සහ ආහාර වේල් සැලසුම් කිරීම
පෝෂණය සම්බන්ධ ඕනෑම ගැටලුවක් සඳහා, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය විසින් ක්‍රියාත්මක Bloom by FPA Sri Lanka සායනයේදී විශේෂඥ පෝෂණ වෛද්‍යවරයකු මගින් පෝෂණ උපදේශන සේවාවන් ලබාගත හැකිය. මෙම සේවාව ලබාගැනීම සඳහා ඔබ පැමිණීමට පෙර දිනයක් සහ වෙලාවක් වෙන්කරවා ගත යුතු වේ.
පොදු සෞඛ්‍ය පරීක්ෂාවන්
සවිස්තරාත්මක රෝග ඉතිහාසය විමසා බැලීම.
හෘදය, පෙනහළු සහ උදරය ආශ්‍රිත ශාරීරික පරීක්ෂාවන්.
ශරීර ස්කන්ධ දර්ශකය (BMI) සහ රුධිර පීඩනය මැනීම.
අවශ්‍යතාවය අනුව රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම.