ඔස්ඒඩ් ව්‍යාපෘතිය - ක්ෂේත්‍ර වැඩසටහන් ඒකකය | The Family Planning Association of Sri Lanka

ඔස්ඒඩ් ව්‍යාපෘතිය - ක්ෂේත්‍ර වැඩසටහන් ඒකකය

මෙහිදි මූලික අවධානය යොමු කරනුයේ අධ්‍යාපනය, පුහුණුව ලබාදීම සහ අම්පාර, මඩකලපුව, කොග්ගල, නුවරඑළිය, මරදාන සහ කිලිනොච්චියේ පිහිටා ඇති FPA සුව සේවා මධ්‍යස්ථාන සේවා පිරිනැමීමයි.

  1. FPA සුව සේවා මධ්‍යස්ථාන හරහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය ඉහළ නැංවීම.
  2. සමාජ සහභාගිත්ව ක්‍රියාකාරකම් හරහා ඌණ සේවාලභී ප්‍රජාවන්ට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා සැපයුම ශක්තිමත් කිරීම හා වැඩි දියුණු කිරීම.
  3. සේවා සැපයුමට අදාළ වත්මන් පද්ධති ශක්තිමත් කිරීම හා භාණ්ඩ සුරක්ෂිතතාව හා කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම.

 

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සිදුකළ ක්‍රියාකාරකම් වනුයේ:

  • ජංගම සායන/වැන් හා ස්ථිතික සායන හරහා කඳුකරයේ කොන්කරන ලද ජන කොටස් (වතු සේවකයන්) කරා ළඟාවීම.
  • නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මගින් බලපැමට ලක්වූ ප්‍රජාවන්ට සේවා සැපයීම. (Ampara and Batticaloa SDP’s).
  • විගමණික සේවකයන්ට සහාය ලබා දීම (මරදාන සුව සේවා මධ්‍යස්ථානය).
  • නිදහස් වෙළඳ කලාප ඇඟළුම් සේවකයන්ගේ ලිංගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ (කොග්ගල සුව සේවා මධ්‍යස්ථාන) නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවන්ට අනුබද්ධ සායනවලට සහාය ලබාදීම.
  • ප්‍රජනක සෞඛ්‍ය ප්‍රවර්ධකයන් එනම්, ස්වේච්ඡා සෞඛ්‍ය සහායකයන් විසින් සේවා සැපයීම.
  • ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් ආශ්‍රිත ගැටළු පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සහ ජංගම සායන සංවිධානය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන යොදාගැනීම.
  • මරදාන සුව සේවා මධ්‍යස්ථාන හරහා නාගරික පැල්පත් වාසී ප්‍රජාවන් දැනුවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් සායන පැවැත්වීම.
  • පරිවාර සායන
  • සියලු සුව සේවා මධ්‍යස්ථාන ජංගම ප්‍රදර්ශන හරහා තරුණ තරුණයන් හා නව යොවුන්වියේ පසුවන්නන් දැනුවත් කිරීම.
  • සහචර දැනුවත් කරන්නන් බවට පත්විමට එක් එක් සුව සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත තරුණ කමිටු තරුණ තරුණියන් දැනුවත් කිරීම.

අපගේ අඛණ්ඩ අරමුණ වනුයේ ලිංගික අයිතිවාසිකම් හා සෞඛ්‍ය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්වය, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්ව මූල ලේඛය, පවුල් සැලසුම, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, ස්වේච්ඡා උපදේශන හා පරික්ෂාව, තරුණ මිත්‍රශීලී සෞඛ්‍ය සේවා පිළිබඳ පුහුණුව ලබා දීම මගින් කුසලතා ඉහළ නැංවීම හා පිරිමින් හා වඩා අවදානමට පාත්‍ර කොටස්වලට සායන සේවා වෙත යොමු කරවීම සහතික කිරීමයි. ඒඩ්ස්, ක්ෂයරෝග හා මැලේරියා මර්දන වැඩසටහන සඳහා වූ ගෝලීය අරමුදලේ - අදියර 2 ගෝලීය අරමුදලෙහි එච්. අයි. වී. ප්‍රදානය ( 9වන වටය) සඳහා යෝජනාව 2008 දී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලදි. මුල් සැලැස්මට අනුව, පළමු අදියර 2010 -2012 දක්වා සහ දෙවන අදියර 2013-2015 දක්වා ලෙස ව්‍යාපෘතිය අදියර දෙකකට වෙන් කරන ලදි. ව්‍යාපෘති ඉලක්කය වූයේ ශ්‍රී ලංකාවේ වත්මනෙහි පවතින අඩු එච්. අයි. වී. ව්‍යාප්තිය පවත්වා ගැනීම සහ එච්. අයි. වී. ආසාදිත හා ඉන් බලපෑමට පත් ජනතාවගේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමයි. මෙහි ප්‍රධාන අරමුණු තුන වනුයේ:

  • වඩාත්ම අවදානම් ජන කොටස් සඳහා විස්තීරණ මැදිහත්වීම්වල පරිමාණය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම
  • එච්. අයි. වී. සහ ඒඩ්ස් සමග දිවි ගෙවන ජනතාව සඳහා සත්කාර, ප්‍රතිකාර සහ සහයෝගය සැපයීම
  • ව්‍යාපෘතිය සැලසුම්කිරීම හා පරිපාලනය සඳහා උපායමාර්ගික තොරතුරු උත්පාදනය සහ භාවිතය

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By