පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය | The Family Planning Association of Sri Lanka

පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා සැපයී‍මේ දැරිය හැකි බව හා ගුණාත්මකබව ප්‍රවර්ධනය කරනු පිණිස පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය සිය සේවාලාභීන්ට පුළුල් පරාසයක ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා සපයයි.

සපයනු ලබන සේවා:

පවුල් සැලසුම් ‍සේවා

සැලසුම් නොකළ/ අනවශ්‍ය ගැබ්ගැනීම් පිළිබඳ අවදානම අඩුකිරීම පිණිස සුදුසු උපත් පාලන ක්‍රමවේද පිළිබඳ අවබෝධය ඉහළ නංවනු පිණිස විවාහක අවිවාහක තත්වය නොතකා සියලු දෙනා සඳහා උපත් පාලන උපදේශන හා සේවා.

සායනයෙන් ලබාගත හැකි පවුල් සැලසුම් ක්‍රමවේද

තාවකාලික

හෝමෝනික - මෞඛ උපත් පාලන පෙති (OCP - මිතුරි) අධිරෝපණ- ජැඩෙල් (වසර 5) සහ ත්‍රෛමාසික නික්ෂේපණ -ඩෙපෝ ප්‍රොවේරා

හෝමෝනික නොවන - තඹ අඩංගු අන්තර් ගර්භාෂ උපත්පාලන උපකරණය -ලූපය (වසර 10-12 දක්වා) ලෙවොනොජෙස්ට්‍රෙල් හෝමෝනය අඩංගු අන්තර් ගර්භාෂ ක්‍රමය- මිරෙනා (වසර 5) සහ පුරුෂ උපත් පාලන කොපු

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග /එච්.අයි.වී සේවා

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළ‍‍ඳෙන්නේ හා නොවැළ‍ඳෙන්නේ කෙසේද, එම රෝගවලින් ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේද සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග /එච්.අයි.වී පරීක්ෂණ- උපදංශය - සමාජ රෝග පර්යේෂණ විද්‍යාගාර පරීක්ෂණ, හර්පිස් -හර්පිස් සිම්ප්ලෙක්ස් වෛරසය, එච්.අයි.වී. හෙපටයිටිස් බී සඳහා සියලු සුලමුල පරීක්ෂණ සායනයේදී සිදුකරනු ලැබේ.

පූර්ව සහ පශ්චාත් පරීක්ෂණ පිළිබඳ උපදේශන වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලැබේ.

පරීක්ෂණ සිදුකිරීමේදී, අවශ්‍ය විටදී නිර්නාමිකත්වය පවත්වා ගනු ලැබේ.

සෞඛ්‍ය පරීක්ෂා - ස්ත්‍රී සහ පුරුෂ

පියයුරු පරීක්ෂාව - අන්තරාය සාධක පිළිබඳ උපදේශන සහ ඒවා වළක්වා ගන්නේ කෙසේද, කාන්තා වෛද්‍යවරියන් විසින් අතින් කරනු ලබන පරීක්ෂා සහ ස්වයං පියයුරු පරීක්ෂාව උගන්වනු ලබන අතර ඒවා දිරිමත් කෙරේ. යම් ව්‍යාධිවේදයක් බැහැර කිරීම පිණිස අවශ්‍යනම් ස්කෑන් පරීක්ෂාව සහ මැමෝග්‍රෑම් පරීක්ෂාව සඳහා යොමු කරනු ලැබේ.

ගැබ් ගෙළ පරීක්ෂාව - ලිංගිකව සක්‍රීයනම් හා අවුරුදු 21ට වැඩිනම් පැප් ස්මියර් පරීක්ෂාව සිදුකරනු ලැබේ. විනාඩි කිහිපයක් තුළ සිදු කළ හැකි සරල පරීක්ෂණයක් වන මෙය ගැබ් ගෙල සෛලවල වෙනස්කම් සොයා ගත හැකි වඩාත්ම සඵල ක්‍රමයයි.

පුරස්ථ පරීක්ෂාව- රෝග ලක්ෂණ හා නිමිති පිළිබඳව විස්තරාත්මක ප්‍රශ්න කිරීමග අවශ්‍ය නම් ගුද මාර්ගීය පරීක්ෂා සහ පුරස්ථ නිශ්චිත ප්‍රතිදේහ ජනක පරීක්ෂාව සිදුකරනු ලැබේ.

අනෙකුත් පරීක්ෂාවන්ට පහත දැක්වෙන දෑ අයත් වේ.
  • විස්තරාත්මක ඉතිහාසය විමසීම
  • සාමාන්‍ය සිරුරු පරීක්ෂාව (හෘදය/ පෙණහලු/උදරය)
  • ඇස් පරීක්ෂාව
  • ශරීර ස්කන්ධ දර්ශකය
  • රුධිර පීඩන පරීක්ෂාව
  • විද්‍යාගාර විමර්ශන

ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්වය පිළබඳ උපදේශනය:

ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ, පිරිමින්ගේ හා ළමුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොවයා බැලීමට වෛද්‍යවරුන් සහ උපදේශකවරුන් පුහුණු කර තිබේ. සුලමුල පරීක්ෂාව, උපදේශනය, නීති උපදෙස් සඳහා යොමුකිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර සැපයීම අපි සිදුකරන්නෙමු.

කළමනාකරණ ක්‍රියාදාමය පුරාම රහස්‍යභාවය හා පුද්ගලිකත්වය පවත්වා ගනු ලැබේ.

ලිංගික සෞඛ්‍ය සායනය

ලිංගික බෙලහීනතාවය, අකාල විමෝචනය, ලුබ්ධතාව අඩුවීම (අඩු ලිංගික ආශාව) , යෝනි ආකර්ෂය (ලිංගිකව එක්වීමේදී ඇතිවන වේදනාව) ආදී ලිංගිකත්වය ආශ්‍රිත ප්‍රශ්න සහ වෙනත් බොහෝ ගැටළුවලින් නිහඩව පීඩා විඳින අය සඳහා සායනය සේවා සපයනු ලැබේ.

ඔබට සායනයේ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගැනීමට හෝ කලින් කාලය වෙනකරවා ගෙන සිකරාදා දිනයන්හි ලිංගික සෞඛ්‍ය විශේෂඥයකුගෙන් ප්‍රතිකාර ලබාගැනීමට හැකිය.

ස්කෑන් කිරීමේ පහසුකම්

වෘෂණ කෝෂ, උදරීය, පාර-යෝනි, පියයුරු, සාඵල්‍යතා සහ භ්‍රෑණ පරීක්ෂා සඳහා බ්‍රහස්පතින්දා දිනයන්හි කලින් කාලය වෙනකරවා ගෙන විශේෂඥ විකිරණවේදියකුගේ සේවය ලබාගත හැක.

අතුරු සාඵල්‍යතා සේවා

ඔබ කුමක් කළ යුතුද යන්න පිළිබඳව ( ඖෂධ ගැනීම/ බෙහෙත් විදීම) සහ සාඵල්‍ය දින පිළිබඳව පූර්ව ගර්භණී උප‍දේශන සපයනු ලැබේ.

සාඵල්‍ය දින පිළිබඳ දැනුවත්බව ඇති කිරීම, ස්‍යුනික පවත සෙවීම, ඖෂධ මගින් ඩිම්බ ‍කෝෂ උත්තේජනය, ශුක්‍ර තරල විශ්ලේෂණය, නාලිකා ව්‍යාත්ත පරීක්ෂණ, අන්තර් ගර්භාෂ සිංචනය මගින් අතුරු සාඵල්‍යතාවෙන් පීඩා විදින අඹු සැමියන්ට අප සේවා සපයනු ලැබේ.

විශේෂඥ උපදෙස් සපයන ප්‍රවීණ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් සායනයට අවශ්‍ය සහාය ලබා දෙයි.

ප්‍රසව හා නාරි වෛද්‍ය සේවා

ඔස්ප්වීම පිළිබඳ ගැටළු, යෝනි ශ්‍රාව්‍ය, ආර්ථවාභාවය, මූත්‍රා කිරීමේදී ඇතිවන ගැටළු, උදරීය වේදනාව පිළිබඳ අ‍ප ‍සේවාලාභීන්ට උපදෙස් ලබා‍ දෙන්නෙමු.

අනෙකුත් සේවා

  • විද්‍යාගාර පහසුකම්
  • ඔසුසල
  • ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ වැඩමුළු හා දේශන පැවැත්වීම
  • ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතා හෝ ලිංගික නැඹුරුව පිළිබඳ ගැටළු ඇති පුද්ගලයන් සඳහා සේවා

ඔ‍බගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳ පූර්ණ සත්කාර සඳහා අප වෙත පැමිණෙන්න.

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය තොරතුරු සහ සේවා සඳහා ඌන සේවාලාභී, දිළිඳු සහ තරුණ ජන කොටස් අතර ඇති අවශ්‍යතා සපුරාලීමට ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය ප්‍රයත්න දරන අතර වයස, ස්ත්‍රීපුරුෂභාවය, විවාහක තත්වය, ගෙවීමට ඇති හැකියාව, වාර්ගික සම්භවය, ආගමික ඇදහිලි, ආබාධිතබව, ලිංගික නැඹුරුව, සෞඛ්‍ය තත්වය හෝ යම් තැනැත්තකු වෙනස් ‍කොට සැලකීමට භාජනය විය හැකි වෙනත් කවර හෝ සාධක නොතකා සෘජු සේවා සැපයීම හෝ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය තොරතුරු, අධ්‍යාපනය, සේවා සහ පුහුණු සෘජුව සැපයීම මගින් හෝ වෙත යොමු කිරීම මගින් ඒවා වෙත ප්‍රවේශය සපයයි.

සායනයක් සොයන්න

ඇමතුම් තොරතුරු
පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය
37/27, බුලර්ස් පටුමග, කොළඹ 07.
දුරකථන: +94 11 2 555 455/ +94 11 2 588 488

0779552979

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By