ආලෝකය උපදේශක මධ්‍යස්ථානය | The Family Planning Association of Sri Lanka

ආලෝකය උපදේශක මධ්‍යස්ථානය

ජීවිතය යනු පුද්ගලික, වෘත්තීය හෝ සමාජීය පරිසරයන් තුළ කෙනෙකුට මුහුණ දිය හැකි අභියෝග සහ ව්‍යසන වලින් පිරී ඇත. බොහෝ දෙනෙකු මේ සෑම අභියෝගයකටම හෝ පසුබෑමකටම විශ්වාසයෙන් මුහුණ දෙන නමුත් අප සැමට යම් අවස්ථාවක දී අමතර සහායක් අවශ්‍ය වනු ඇත.

ඇතැම් අවස්ථාවල රැකියා ආතතිය, රැකියාව අහිමි වීම, සබඳතාවයක සිර වී සිටින බවට දැනෙන හැඟීම්, ප්‍රචණ්ඩකාරී සබඳතාවක් විඳදරාගැනීම, ජීවිතයේ ඒකාකාරී බව හෝ යම් දෙයක් කිරීමට පෙළඹවීම අඩු වීම වැනි අපහසුතාවන් සමඟ ඔබ කටයුතු කරන බව ඔබට දැනෙනු ඇත. 

ඔබේ අතීතයේ අත්විඳින ලද අමිහිරි අත්දැකීම් වල වේදනාවන් හෝ කම්පනයන් තවමත් ඔබේ ජීවිතයට බලපෑම් කරන බව ඔබට හැඟෙනවාද? ඔබේ දෛනික ජීවිතයට බලපාන කෝපය, ලැජ්ජාව, වරදකාරිත්වය, දුක හෝ තනිකම වැනි හැඟීම් වලින් ඔබ පීඩා විඳිනවාද?

ඔබ දැනට මෙම තත්වයන් සහ හැඟීම් ඔබේ දැනුමෙන් සහ අවබෝධයෙන් හසුරුවනවා විය හැක. කෙසේ වෙතත්, වෘත්තීය මැදිහත්වීම තුලින් ඔබට මෙම ගැටළු සමඟ වඩාත් නිවැරදිව සහ ඵලදායීව කටයුතු කිරීමට උපකාර කළ හැකිය. එම සහාය ලබා ගැනීම ඔබට නිවැරදි පියවරක් වනු ඇත. 

“ආලෝකය” උපදේශන මධ්‍යස්ථානය ඔබට, ඔබේ තේරීම් පැහැදිලි කර ගනිමින් සහ ජීවිතයේ සෑම අංශයකම ධනාත්මක වෙනසක් ඇති කිරීමට නිර්මාණය කර ඇති විශේෂඥ මනෝචිකිත්සක ක්‍රම භාවිතා කරමින් ඔබේ ගැටළු වලින් නිදහස් වීමට ඉඩ සලසයි.

ඔබගේ සියලු තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අපි කැපවී බැඳී සිටිමු.


අපගේ වෘත්තීය උපදේශකවරුන් සමඟ කතා කිරීමට, අමතන්න:

හේමා රණවක මහත්මිය
සහකාර අධ්‍යක්ෂිකා
ආලෝකය උපදේශන මධ්‍යස්ථානය
37/27 බුලර්ස් පටුමග, කොළඹ 7

ඊමේල් ලිපිනය : hemar@fpasrilanka.org
ජංගම දුරකථන අංකය : 0779895252
දුරකථන : +94 11 2 584 157  Ext. 162

පෞද්ගලිකත්වය සහ රහස්‍ය භාවය සුරැකෙන පරිදි Zoom තාක්ෂණය හරහාද උපදේශන සැසි වෙන් කරවා ගතහැක.

 

අපගේ සේවාවන්:

තනි පුද්ගල උපදේශනය
  • මනෝවිද්‍යාත්මක ගැටළු - ආතතිය, කාංසාව, මානසික අවපීඩනය, මනෝකායික (මානසික ගැටලුව කායික ගැටලුවක් ලෙස දැනීම), OCD, භීතිකාව ආදිය.
  • පූර්ව විවාහ, සබඳතා සහ යුවල උපදේශනය
  • යුවල, දරුවන් හා සම්බන්ධ විවාහ සහ පවුල් ගැටළු
  • ලිංගික දුර්වලතා ඇතුළු ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය (SRH) ගැටළු
  • අධ්‍යාපනය හා සම්බන්ධ ගැටලු
  • රැකියා ස්ථානය සම්බන්ධ ගැටලු
  • හැඩගැසීමේ දුෂ්කරතා
  • පුද්ගල සංවර්ධනය (ආත්ම අභිමානය, ආත්ම විශ්වාසය, අන්තර් පුද්ගල කුසලතා, ජීවන කුසලතා)
කණ්ඩායම් උපදේශනය:
  • ආතති කළමනාකරණය
  • සැහැල්ලු කිරීමේ චිකිත්සාව
අමතර සේවාවන්:
  • උපදේශනය හදාරන සිසුන් සඳහා සීමාවාසික පුහුණුව සහ උපදේශන සුදුසුකම් ලබා වැඩිදුර ප්‍රායෝගික අත්දැකීම් අවශ්‍ය අය සඳහා උපදේශන කුසලතා සංවර්ධන පුහුණුව
  • ආයතන සඳහා උපදේශන සේවය සැපයීම (උපදේශන සැසි ආකාරයෙන්)
දැනුවත් කිරීමේ වැඩසටහන්:
  • ආයතන සඳහා මානසික සෞඛ්‍ය සහ උපදේශනය පිළිබඳ දැනුවත් කිරීම
  • රූපවාහිනී කෙටි වැඩ සටහන්
  • පුවත්පත් ලිපි

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By