අධිවාචනය සහ ප්‍රතිපත්ති සංවාදය | The Family Planning Association of Sri Lanka

අධිවාචනය සහ ප්‍රතිපත්ති සංවාදය

ගබ්සාව

අපගේ ඉලක්කය අනාරක්ෂිත ගබ්සාවන් තුරන් කිරීම හා අවම ගෝලීය ප්‍රමිතීන් වලට ගැලපෙන ආකාරයෙන් වර්තමානයේදී ලබාදෙන සේවාවන් පුළුල් කිරීමයි.

වර්තමානයේදී ගබ්සාවට එරෙහිව පවතින නීතිය සංශෝධනය කරමින් ස්ත්‍රී දූෂණයක්, ව්‍යභිචාරයක් හා කළල අසාමාන්‍යතාවයක් අවස්ථාවලදී ගබ්සාවක් කිරීමට නීතිමය අයිතිය ලබා ගැනීම වෙනුවෙන් අපි උද්දේශන කටයුතු සිදුකරන්නෙමු.

ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාව හා ප්‍රකාශන

සියලුම සුළුතර ලිංගිකයින්ට/ ප්‍රජාවට එරෙහිව පවතින වෙනස්කොට සැලකීම්, අපකීර්තිය අවම කරමින් සේවාවන් ලබාගැනීමට සමාන ප්‍රවේශයක් ලබාදීම වෙනුවෙන් ප්‍රතිපත්ති හා තීරණ සම්පාදකයින් දැනුවත් කිරීම.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ එන 365 හා 365 අ වගන්ති මගින් සමරිසිභාවය අපරාධයක් ලෙස සලකන අතර, දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා අපි උද්දේශන කටයුතු සිදු කරන්නෙමු.

ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුවන ප්‍රචණ්ඩත්වය
පූර්ව හා ළමා විවාහ
  • නව යොවුන් වියේ සිදුවන ගැබ් ගැනීම් හා පූර්ව/ ළමා විවාහ අවම කිරීම සඳහා ප්‍රතිපත්ති හා නීති සංවර්ධනය කිරීමට දායක වීම. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මුස්ලිම් නීතියේ එන මුස්ලිම් විවාහ හා දික්කසාද පණත සංශෝධනය කිරීම වෙනුවෙන් වැඩ කරන අතර එමගින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම විවාහ වීමේ නීත්‍යනුකූල වයස අවුරුදු 18 බවට පත් කිරීම සහතික වේ.
  • පුද්ගල නීති සමග දේශීය හා ජාත්‍යන්තර නීති හා ප්‍රමිතීන් අතර පවතින පරතරය පියවීමට අපේක්ෂා කරයි. 
ස්ත්‍රී චර්ම ඡේදනය (FGM)

වයස අවුරුදු 18 ට අඩු ගැහැණු ළමයින්ගේ හා ළදැරියන්ගේ යෝනි මාර්ගික සම ඡේදනය කිරීමේ ඹ්නෑම ආකාරක ක්‍රියාවක් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පිළිකුල් යුතුව හෙළා දකින අතර, මෙම ක්‍රියාව මගින් දැඩි ලෙස කාන්තාවගේ ලිංගික හා ප්‍රජනන අයිතීන් උල්ලංඝණය වන බව අප දැඩි ලෙස විශ්වාස කරමු. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ස්ත්‍රී චර්ම ඡේදනය මුලිනුපුටා දැමීම සඳහා ප්‍රතිපත්ති වෙනස්කම් සිදුකිරීම වෙනුවෙන් උද්දේෙන කාර්යයන් සිදුකරන්නෙමු.

 
මානුෂීය ආධාර 

ස්වාභාවික විපත් (නායයෑම්, ජලගැලීම්, නිය`ග ආදී) සහ මිනිසා විසින් ඇති කරන ගැටුම් වැනි ආපදාවන්ගෙන් හානියට පත්වන පුද්ගලයන් කෙරෙහි මූලික අවධානය යොමු කිරීම. 

  • ආපදා අවදානම අඩුකිරීමේ සැලසුම් වලට අවම මූලික සේවා පැකේජය (MISP) ඒකාබද්ධ කිරීමට උපදෙස් ලබාදීම.

  • හදිසි ආපදාවකදී  ඇතිවන අභියෝගයන්ට මුහුණදීම සහ ඒවා අඩුකර ගැනීමට සූÞනම් වීම සඳහා ආයතනයේ හැකියාව වර්ධනය කිරීම සහ සවිමත් කිරීම. 
පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය (CSE)
  • දිවයින පුරා පාසල්වල පරිපූර්ණ ලිංගික අධ්‍යාපනික වැඩසටහන් කි්‍රයාත්මක කිරීමට උපදෙස් සැපයීම
  • උචිතවන පරිදි වයසට සරිලන විෂය නිර්දේශ සහ ගුරු දෙගුරුන් සඳහා උපදෙස් භාෂා තුනෙන්ම සකස් කිරීමට රජයට සහාය දැක්වීම
  • පාසල්වල සවිස්තරාත්මක ලිංගික අධ්‍යාපනය කි්‍රයාත්මක කිරීම සඳහා ගුරුභවතුන්ට පුහුණුව සහ හැකියා වර්ධනය ලබාදීම
  • පාසල් හැරගිය යෞවනයින් සහ තරුණ වැඩිහිටියන් සඳහා සවිස්තරාත්මක ලිංගික අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම සඳහා විවිධ යොවුන් වේදිකාවන් භාවිත කිරීම.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By