උපහාර | The Family Planning Association of Sri Lanka
By root, 17 December, 2023
Sub title
In appreciation of our past Executive Directors enormous contributions to develop FPA Sri Lanka to its present standing we herewith publish highlights of their terms in office.
Has sidemenu
Sidemenu
Newsletter category
Article 2 image row
Image
Title
Mr Daya Abeywickrema - Executive Director at FPA Sri Lanka from 1975 -2003.
Body
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ විධායක අධ්‍යක්ෂ ලෙස දයා අබේවික්‍රම මහතා 1975 වසරේදී පත්කරනු ලැබූ අතර 2003 වසරේ විශ්‍රාම යන තෙක්ම එම ධූරය හෙබවීය. වසර 28 ක් වූ  ඔහුගේ සේවා කාලය, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ විධායක අධ්‍යක්ෂවරයකුගේ දීර්ඝතම ‍සේවා කාලය වන අතර ඔහුගේ නායකත්වය යටතේ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට සංගමය සමත්විය.

1983 වසරේදී, වෙන්නප්පුව නයිනමඩමේ අක්කර 10 ක ඉඩමක් සංගමය මිලදී ගත් අතර “චින්තන පුහුණු මධ්‍යස්ථානය” එහි ස්ථාපිත කරන ලදි.

පවුල් සැලසුම් උපකරණ සිල්ලර අලෙවි අංශය ඔහු විසින් 1975 වසරේදී ආරම්භ කරන ලද අතර සංවිධානය ස්වයංධාරිත වීමේ ඇරඹුම එය විය. 2015 වසරේදි විකුණුම් සහ අලෙවිකරණ ඒකකය අපගේ ආදායමට 91.5% ක් දායකත්වක් ලබා දීම, අවුරුදු 40 කට පෙර ඔහු සතුවු දැක්ම පිළිබඳ මාහැඟි සාක්ෂියකි.

බිම් මට්ට‍මේ ස්වේච්ඡා සේවකයන් පවුල් සැලසුම පිළිබඳ පණිවිඩය ගම් දනව් වෙත රැගෙන ගිය “ප්‍රජා පාලිත ඒකාබද්ධ ග්‍රාමීය පවුල් සෞඛ්‍ය ව්‍යාපෘතිය” 1980 වසරේදී ඔහුගේ මූලිකත්වයෙන් දියත් කරන ලදි.

1983 වසරේදී, ප්‍රජනක සෞඛ්‍යය අධ්‍යාපනය පිළිබඳ ගුරු  පුහුණු වැඩසටහනක් නැගෙනහිර, බස්නාහිර සහ දකුණු පළාත්වලට හඳුන්වා දෙන ලදි.

වෛද්‍යවරුන් සඳහා වූ පළමු ඒඩ්ස් නිවාරණ  පුහුණුව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේදී 1986 දි පවත්වනු ලැබූ අතර එච්. අයි. වී. ඒඩ්ස් දැනුවත් කිරීමේ සහ අධ්‍යාපන වැඩසටහන 1988 වසරේදී අරඹන ලදි.

 ‘ආලෝකය’ උපදේශන මධ්‍යස්ථානය 1990 වසරේදී දියත් කරනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ ඒ ආකාරයේ පළමු මධ්‍යස්ථානය එයයි.  අදටත් ක්‍රියාත්මක වන එය ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය, නව ‍යොවුන් විය හා තාරුණ්‍යය පිළිබඳ මාර්ගෝපදේශන සහ උපදේශන සේවා ලබා දෙයි.

තෝරාගත් කොළඹ පාසල්වල වයස 10-19 දක්වා සිසුන් සඳහා ප්‍රජනක ‍සෞඛ්‍ය වැඩසටහනක් 1992 වසරේදී ආරම්භ කිරීමට ඔහු පුරෝගාමි විය.

පවුල් සැලසුම සහ ප්‍ර‍ජනක සෞඛ්‍යය පිළිබඳ පණිවිඩය වඩා පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත රැගෙන යාම පිණිස නිපැයූ ප්‍රථම පූර්ණ ප්‍රමාණ වෘත්තාන්ත චිත්‍රපටය වන “යුවතිපති” ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය 1994 වසරේදී තිරගත කරන ලදි. 1995 සරසවි සම්මාන උළෙලේදී එය මහත් ඇගයීමට ලක් විය.

ඔහුගේ සියලු මූලාරම්භයන් සහ සේවාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සිය ප්‍රණාමය එතුමා වෙත පළ කරන අතර හද පිරි සොම්නසින් සහ කෘතවේදීත්වයෙන් එතුමන් සිහිපත් කරයි.
Image
Title
ඉස්මෙත් ඉසදීන් මහතා
Body
ඉස්මෙත් ඉසදීන් මහතා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ගරු. භාණ්ඩාගාරික හා කලාපීය විධායක සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරනු ලැබීය.1999 පෙබ‍රවාරි 26 දින  ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට එක් වූ එතුමා ඉන්  පසු එළඹි වසර වල එහි විවිධ තනතුරු හෙබවිය. කොළඹ සිංහ සමාජයේ භාණ්ඩාගාරික ලෙස දශකයට වැඩි අත්දැකීම් සහිතව අප හා එක් වූ එතුමා ත්‍යාගශීලීත්වය, අවංකත්වය සහ විනිවිදභාවය වැනි උතුම් ගුණාංගයෙන් පරිපූර්ණ වූ සැබෑ ස්වේච්ඡා සේවකයෙකි. එතුමා තම අන්තර්ක්‍රියාවන්හිදී පමණක් නොව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ද හැකි ඉහළම ප්‍රමාණයට මෙම වටිනාකම් තහවුරු කරන බව සහතික කිරීමට වග බලා ගන්නා ලදි. කරුණාවන්ත හා සෘජු ගතිගුණවලින් හෙබි එතුමා නොබියව සිය අදහස් හා මත පළ කර  සිටි අතර සැමවිටම පොදු එකඟතා‍වයෙන් යුතුව කටයුතු කිරීමට උපරිම වෙහෙස දරමින් අන්‍යයන්ගේ අදහස් අගය කළ හා ඒවා ගරු කළ අයෙකු විය. එතුමා‍ගේ අභාවය  ජාතික සභාව සහ කලාපීය විධායක සභාව  යන දෙකෙහිම පිරිමැසිය නොහැකි අඩුවක් නිර්මාණය කර තිබේ.
Image
Title
නිමල් වීරසේකර මහතා
Body
අභාවප්‍රාප්ත වන විට නිමල් වීරසේකර මහතා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ගරු ප්‍රධාන ලේකම් ධූරය හොබවන ලදි. රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වූ ඔහු වරලත් අලෙවිකරුවකු, සහ එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ පූර්ණ කාලින සාමාජිකයකු, දකුණු අප්‍රිකාවේ අලෙවිකරණ කළමනාකරණ ආයතනයේ ගරු සාමාජිකයකු, ඕස්ට්‍රේලියානු විකුණුම් සහ අලෙවිකරණ ආයතයේ ගරු සාමාජිකයකු සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ පූර්ණ කාලින සාමාජිකයකු ලෙස කීර්තිමත් වෘත්තීය ජීවිතයකයට හිමිකම් කියන ලදි. කෙසේ වෙතත් වෙනත් බොහෝ  අලෙවිකරුවන්ගෙන් නිමල් වීරසේකර මහතා වෙනස් වූයේ ඔහුගේ දැනුම අන් අය සමග බෙදා හදා ගැනීමේදී ඔහු දැක්වූ නිර්ලෝභිත්වය  සහ සමාජීය කටයුතු සඳහා දායකවීමට ඔහු තුළ වූ අපරිමිත කැමැත්තයි. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයෙන් විශ්‍රාම ගන්නා තෙක්ම ඔහු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභා සාමජික තනතුර හෙබවීය. අපනයන සංවර්ධන මන්ඩලයේ අලෙවිකරණ උපදේශන කමිටුවේ සමාජකයකු ලෙස කටයුතු කරන අතරම, ශ්‍රී ලාංකික උපාධිධාරින් ඵලදායි ලෙස සේවයේ නියුක්ත කරවීම සඳහා සහාය වීම පිණිස නිර්මාණය කරන ලද, තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ ලෝක බැංකු අරමුදලින් ක්‍රියාත්මක කරන ලද තරුණ අරුණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු කටයුතු කළේය. ඔහු කොළඹ මිලනියම් සිටි රොටරි සමාජයේ හිටපු සභාපතිවරයකු ද විය. ඔහු එහි සභාපති ලෙස කටයුතු කළ සමයේදී, රු. 5,000,000 ක ආයෝජනයකින් සුනාමි උවදුරින් විනාශයට පත් පාසලක් ප්‍රතිසංස්කරණය කොට නැවැත ඉදිකරන ලදි. අලෙවිකරණ අධ්‍යක්ෂවරයකු හා සභාපතිරවරයකු ලෙස  ඉටු කළ ද්විත්ව කාර්ය භාරය මගින් ඔහු පවුල් සංවිධාන සංගමයට දැක්වු දායකත්වය ඉතා සුවිශේෂය. දශක දෙකකට අධික කාලයක් පුරා පවුල් සංවිධාන සංගමය සිය පැවැත්ම පිණිස ආධාර ප්‍රදායක අරමුදල් මත පරායත්ත වූ දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් විය. සමාජ ව්‍යවසායකත්වය යන වදන විලාසිතාකාරී වීමට බොහෝ කලකට පෙර සිටම උපත් පාලන උපකරණ සමාජ අලෙවිකරණය හරහා  ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මූල්‍යමය වශයෙන් ස්වාධීන කිරීමට එහි කළමනාකාරිත්වය කටයුතු කිරීමෙන් එවකට වෙළඳ පොළේ පැවැති හිදැසක් පිරවීමට ද හැකි විය. ඔවුන් එමගින් ඉටුකළ කාර්යභාරය අද වන විට ඉතිහාසයට එක් වී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ස්වයංපූරිත හා මූල්‍යමය ස්වාධීනත්වය සහිත ආයතනයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය තිරසාර හා ස්වයං අරමුදල්කරණ සංවිධානයක් බවට පත්කරමින් 90 දශකයේ මුල් භා‍ගයේදී සමාජ අලෙවිකරණ වැඩසටහනක් සමාජ ව්‍යවසායකත්වයක් බවට පරිවර්තනය කිරීමෙහි ලා මූලික වූ  පුද්ගලයන් කිහිප දෙනාගෙන් නිමල් ‍එක් අයෙකු වේ.

නිමල් වීරසේකර මහතා සහ ඉස්මෙත් ඉසඩීන් මහතා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට දැක්වූ දායකත්වය නිසා පමණ‍ක් නොව ඔවුන්ගේ ප්‍රියමනාප බවත් ඔවුන් සේවය කළ විවිධ කමිටුවල සෑම සාකච්ඡාවකටම ඔවුන් එක් කළ මෘදු පරිහාසය සහ මිත්‍රශීලී බව නිසාත් ඔවුන් සදාකල් අප මතකයේ රැඳි සිටිනු ඇත.