අපගේ පුරෝගාමීන් | The Family Planning Association of Sri Lanka
By root, 17 December, 2023

There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in some form, by injected humour, or randomised words which don't look even slightly believable. If you are going to use a passage of Lorem Ipsum, you need to be sure there isn't anything embarrassing hidden in the middle of text. All the Lorem Ipsum generators on the Internet tend to repeat predefined chunks as necessary, making this the first true generator on the Internet.

Banner
Sub title
Top sub title
Has sidemenu
Sidemenu
Article 2 image row
Image
Title
සිල්වියා ප්‍රනාන්දු මහත්මිය
Sub title
Bottom subtitle
Body
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය අරම්භකිරීමේ පළමු ගෞරවය හිමිවන්නේ සිල්වියා ප්‍රනාන්දු මහත්මියටය. ආරම්භයේදී අප සංවිධානය ෆැමිලි ප්ලෑනින් ඇසෝසියේෂන් ඔෆ් සිලෝන් යනුවෙන් හඳුන්වා ඇත. මහත් අභියෝගාත්මක කාලවකවානුවක පවුල් සැලසුම යන්න ප්‍රායෝගික අන්දමින් ක්‍රියාත්මක කිරීමට මෙතුමිය මූලිකත්වය ගෙන කටයුතු කරතිබේ. සංවිධානයේ මූලික අරමුණුවල ඇති සංවේදී ස්වභාවය නිසාම ඒ පිළිබඳව සංවිධානයක් බිහි කිරීම පහසු කටයුත්තක් නොවීය. ඉතා මතභේදයට තුඩුදුන් සහ සමාජ තහන්චියට ලක්වන කරුණක් සම්බන්ධව වැඩසටහන් ආරම්භ කිරීම එමසමයේදී මහත් අභියෝගයක් මෙන්ම සුවිශේෂි ක්‍රියාවක්දවිය. සිල්වියා ප්‍රනාන්දු මහත්මියගේ ඉවසීමේ ගුණය මෙහිදී කැපීපෙනුන අතර නිවැරදි කුමක්ද යන්න පිළිබදව ඇයතුළ පැවති හැගීම් නිරතුරුවම ඇයගේ මුවරැදි සිනහවෙන් විදහා දැක්විනි. බොහොමයක් ප්‍රශ්න එක් තීරණාත්මක වාක්‍යයකින් නිරාකරණය විය. ඇය විශ්වාසකලේ සියලු දෙනාගේම අදහස් වලට සවන්දිය යුතුය යන්නය. මෙයට හේතුව වශයෙන් ඇයගේ අදහස වුයේ සෑම කෙනෙකුටම සුවිශේෂි වූ අත්දැකීම් පවතින බවත්, ඒවාතුලින් අන්අයට ඉගනීමට හැකිබවත්ය. ඇයට සෑමදෙනෙකුම කෙරෙහි කාරුණික, උණුවන හදවතක් තිබුණී. ඇයසතුව පැවති සියලුම දේ අනෙක් අයත් සමග බෙදාගත්තා පමණක්නොව සෑමකෙනෙක්ම එකිනෙකා පිලිබද ඒ ආකාරයෙන් සිතා කටයුතු කළයුතුබව විශ්වාස කලාය.
Image
Title
DR. MARY RATHNAM
Body
කැනේඩියානු ජාතික නාරිරෝග පිළිබඳ විශේෂඥවරියක වන වෛද්‍ය මේරි රත්නම් පවුල් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වූවාය. වෛද්‍ය මේරි රත්නම් මහත්මිය පවුල් සුබසාධන සංගමය ආරම්භ කළ අතර කාන්තාවන්ගේ සුබසාධනය සඳහා වූ ව්‍යාපාර ගණනාවක් ඇරඹීමට පුරෝගාමීව කටයුතු කළාය.

ලංකා මහිලා සමිති සහ සිලොන් ෆැමිලි ප්ලෑනින්ග් ඇසෝසියේෂන් ඇයගේ වඩාත් කැපී පෙනෙන ජයග්‍රහණයක් වේ. ඇය මාතෘ සෞඛ්‍යය සංවර්ධනය සහ ළමුන් සඳහා ගුණාත්මක භාවයෙන් ඉහළ කිරි ආහාර ලබා දීමට කැපවී ක්‍රියා කළාය. ළමුන්ගේ ආධ්‍යාත්මික සහ ශාරීරික යහපැවැත්ම ඇයගේ අවධානයට ලක්වූ අතර එම අංශයන් සංවර්ධනය කිරීමට මහත් ප්‍රයන්තයක් දරන ලදි.

වෛද්‍ය මේරි රත්නම් වයස අවුරුදු තිහේදී පමණ ලන්ඩනයේ පවුල් සැලසුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධතා ඇතිකර ගත්තාය. එහි ගරු අධ්‍යක්ෂක ඊඩිත් හොව් මාර්ටින් (Edith Howe - Martin) මහත්මිය 1936 වසරේදී ලෝක සංචාරයක් අතරතුරදී මෙහි පැමිණි අතර, එය ශ්‍රී ලංකාවේ පවුල් සැලසුම් සේවා හඳුන්වාදීමට මහත් බලපෑමක් ඇති කළේය.
Image
Title
PROF. C.C. DE SILVA
Body
මහාචාර්ය සී. සී. ද සිල්වා මහතා 1956 සිට 1958 දක්වාත් නැවතත් 1976 සිට 1977 දක්වාත් පවුල් සංවිධාන සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලදි. විධායක කමිටුවේ, ජාතික සභාවේ සහ වෛද්‍ය සභාවේ සාමාජිකයකු ලෙස පවුල් සංවිධාන සංග‍මයේ ආරම්භක අවදියේදී ඊ‍‍ට අවශ්‍ය මග පෙන්වීම සඳහා එතුමා සුවිශාල දායකත්වයක් සැපයීය. කොළඹ සහ ‍පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි ළමා රෝග චිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස එතුමන්ගේ ජාත්‍යන්තර කීර්ති නාමය ඒ වන විට  ආරම්භක අවදියේ වූ සංගමයට ජාතිකව මෙන්ම ජාත්‍යන්තරව ද බොහෝ අංශයන්ගෙන් ඉහළ පිළිගැනීමක් සහ සහයෝගයක් ලබා ගැනීමට ඉවහල් විය.

කෙසේ වෙතත්, මව්වරුන්ගේ සහ ළමුන්ගේ සුබ සාධනය පිළිබඳ ඔහු දැක්වූ අසීමිත සැලකිල්ල නිසාම ඔහු, පවුල් සැලසුම පිළිබඳ ඉතා උද්යෝගීව කටයුතු කරන්නෙකු බවට පත්ව සිටියේය. හැටේ දශකයේ මුල් භාගයේදී, පෝෂණ සායනය හා එක්ව කොළඹ රි‍ජ්වේ ආර්යා ළමා රෝහලේ පවුල් සැලසුම් සායනයක් ස්ථාපිත කිරීමට මහාචාර්ය සිල්වා මහතා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදි. ළමා ආරක්ෂණය පිළිබඳ පමණක් ‍ නොව පවුල් සැලසුම් කිරීම සම්බන්ධයෙන් ද උ‍පදෙස් ලබාගැනීම සඳහා එමඟින් මව්වරුනට අවශ්‍ය සහාය ලබා දෙන ලදි. ඊට අමතරව, පොල්වත්ත ශාන්ත මයිකල් සහ ඔරුවල වානේ සංස්ථාවේ පැවැති මාතෘ සහ ළමා සෞඛ්‍ය සහ පවුල් සැලසුම් සායනවලදී  මහාචාර්ය සිල්වා මැතිඳුන් ස්වෙච්ජාවෙන් සිය සේවය ලබා දෙන ලදි.
Image
Title
ලීලා බස්නායක මහත්මිය
Body
ලීලා බස්නායක මහත්මිය වසර 40 කට වැඩි කාලයක් පුරා අප සංවිධානයේ ඉමහත් කැපවීමකින් යුත් ස්වෙච්ඡා සේවිකාවන් වශයෙන් කටයුතු කළ අතර ඇය විසින් ඉටු කරන ලද සේවය ජාතික මට්ටමේ පවුල් සැලසුම් සේවා සැපයීමේ ප්‍රමුඛතමයා බවට පත්වීමට මහත් දායකත්වයක් ලබා දෙන ලදි. සම්මේලනයේ පුරෝගාමියෙකු වශයෙන් බස්නායක මහත්මිය මෙම සංවිධානයට 1953 දී සම්බන්ධ විය. 1977 දී ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ තෝරාපත් කරගන්නා ලද සභාපතිතුමිය ලෙසට බස්නායක මහත්මිය එහි කටයුතු මීළඟ වසර 3 තුළ මෙහෙයවමින් 1978 වසරේදී එහි රිදී ජුබිලිය සැමරීමේ ප්‍රමුඛත්වය ගත්තාය. පවුල් සැලසුම් පිළිබඳව මහත් කැපවීමෙන් කටයුතු කරන ලද බස්නායක මහත්මියගේ අවවාද සහ මාර්ගෝපදේශකත්වය තරුණ පරම්පරාව විසින් නිරන්තරයෙන් අපේක්ෂා කරන ලදි.

ඇය සහ ෆීලිස් දිසානායක මහත්මිය ජාතික මණ්ඩලයේ ගරු සාමාජිකයින් ලෙස තෝරා පත්කරගන්නා ලද අතර සම්මේලනයේ භාරකරුවන් ලෙස ක්‍රියා කරන ලදී. බස්නායක මහත්මිය IPPF හි ඉන්දියානු සාගර කලාපයේ සාමාජිකාවක් ද වේ. ද සොයිසා මාතෘ රෝහලේ 1953 දී ප්‍රථම පවුල් සැලසුම් සංගමයේ සායනය ආරම්භ කළ කාලයේ සිටම බස්නායක මහත්මිය එහි අභිවෘද්ධිය සඳහා කැපී පෙනන කාර්යයභාර්යක් ඉටු කළේය. පවුල් සංවිධාන සංගමය අද පවතින තත්ත්වයට ළඟාවීමට ඇය විසින් සිදු කරන ලද කර්යයභාරය අතිමහත් බව නිසැකවම පැවසිය හැකිය.
Image
Title
වෛද්‍ය සිවා සින්නතම්බි
Body
ශ්‍රී ලංකා මාතාවගේ කැපී පෙනෙන දියණියක් වන වෛද්‍ය සින්නතම්බි ආරම්භක සාමාජිකාවක නොවූවත් අලුතින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පවුල් සංගමයට ස්වෙච්ඡා වෛද්‍යවරයෙකු වශයෙන් සම්බන්ධවී ඉතා වැදගත් කාර්යභාර්යක් ඉටුකළ තැනැත්තියකි. පවුල් සැලසුම් ව්‍යාපාරය සහ හා ඇයගේ සම්බන්ධවීම පුළුල් දැක්මක් සහිත සුළු පිරිසක් වන වෛද්‍ය මේරි රත්නම්, මහාචාර්ය සී.සී.ද සිල්වා, මහාචාර්ය ඩී.ඒ.රණසිංහ, වෛද්‍ය ත්‍යාගරාජා, වෛද්‍ය එල්.ඕ. අබයරත්න, වෛද්‍ය ෆ්ලොරන්ස් රැම් අලුවිහාරේ, සිල්වියා ප්‍රනාන්දු මහත්මිය, එස්ලින් දැරණියගල මහත්මිය සහ අනෙකුත් අයට මහත් ශක්තියක් විය.

වෛද්‍ය ෆ්ලොරන්ස් රැම් අලුවිහාරේ, ද සොයිසා මාතෘ රෝහලේ පවුල් සංවිධාන සංගමය විසින් පවත්වන ලද පළමු සායනයට ස්වේච්ඡා වෛද්‍යවරයෙකු වශයෙන් සම්බන්ධ වූ විට වෛද්‍ය සින්නතම්බි ඇයට සාඵල්‍යතාව අඩු අය යොමු කරන ලදි. ඒ අනුව ඇයට ළමුන් නොමැති යුවතිපතීන්ට විවාහයෙන් වසර ගණනාවකට පසුව දරු පිළිසිඳ ගැනිම් ඇතිකර ගැනීමට උදවු කර ගැනීමට හැකිවිය.
Title
DR (MRS) L O ABEYRATNE
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir
Title
PROFESSOR O E R ABHAYARATNE
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir
Title
MR C T ADAMS
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir
Title
DR. (MRS) F K RAM ALUVIHARE
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir
Title
DR. V AMIRTHALINGAM
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir
Title
MRS AMIRTHALINGAM
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir
Title
MRS C COREA
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir
Title
MRS E DERANIYAGALA
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir
Title
MRS MURIEL DE ZOYSA
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir
Title
MRS E C FERNANDO
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir
Title
MAJOR T F JAYAWARDENE
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir
Title
DR. A F OUTSCHOORN
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir
Title
DR. P R THIAGARAJAH
Body
Ref : FPA Sri Lanka  25th Anniversary Souvenir