ප්‍රශ්නය: උපත් පාලන ක්‍රමයක් තෝරා ගැනීමේදී ජීවන රටාව වැදගත් වන්නේ ඇයි?
පිළිතුර: එකිනෙකට වෙනස් දින චර්යාවන්ට අනුව ගැලපෙන විවිධ උපත් පාලන ක්‍රම තිබේ. ඔබේ රැකියා කාලසටහන, පවුල් පසුබිම, සෞඛ්‍ය අවශ්‍යතා සහ ඔබගේ සුව පහසුව යන සියල්ල ඔබට වඩාත්ම ගැලපෙන ක්‍රමය කුමක්ද යන්න තීරණය කිරීම සඳහා බලපායි.
ප්‍රශ්නය: උපත් පාලන ක්‍රමයක් තෝරා ගැනීමේදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන සාධක මොනවාද?
පිළිතුර: මේ සඳහා ඔබ පහත කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් විය හැක.
ඔබට ගැබ්ගැනීම්වලින් ආරක්ෂාව අවශ්‍ය වන්නේ කෙතරම් කාලයකටද යන්න (දිනපතා, මාසිකව හෝ දිගුකාලීනව)
ඔබ හෝමෝන සහිත හෝ හෝමෝන රහිත ක්‍රමවලට කැමැත්තක් දක්වන්නේද යන්න
වෛද්‍යමය ක්‍රියා පටිපාටි කෙරෙහි ඔබේ ඇති කැමැත්ත හෝ ඒවායේ පහසුව
අතුරු ආබාධ සහ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය
අනාගත ගැබ්ගැනීම් සැලසුම්
ප්‍රශ්නය: මට නඩත්තු කිරීමට පහසු ක්‍රමයක් අවශ්‍ය නම්?
පිළිතුර: සමට යටින් සිදු කරන තැන්පත් කිරීම් (Implants) හෝ ගර්භාෂය තුළ තැන්පත් කරන උපකරණ (IUDs) වැනි දිගුකාලීන උපත් පාලන ක්‍රම ඒ සඳහා සුදුසු විය හැක. මේවා එක් වරක් ශරීරගත කළ පසු දිනපතා අවධානය යොමු කිරීමකින් තොරව පහසුවෙන් වසර කිහිපයක් යනතුරු ආරක්ෂාව සපයයි.
ප්‍රශ්නය: මට වඩාත් නම්‍යශීලි ක්‍රමවේදයක් අවශ්‍ය නම්?
පිළිතුර: උපත් පාලන පෙති හෝ කොන්ඩම් වැනි කෙටි කාලීන ක්‍රම වඩාත් සුදුසු විය හැක. මන්ද, ඔබේ අවශ්‍යතාවය අනුව ඒවා පහසුවෙන් ආරම්භ කිරීමට හෝ නතර කිරීමට හැකියාව පවතී.
ප්‍රශ්නය: හෝමෝන භාවිතයට අකමැති පුද්ගලයන් සඳහා විකල්ප තිබේද?
පිළිතුර: ඔව්. ගර්භාෂය තුළ තැන්පත් කරන කොපර් උපකරණ (Copper IUDs) සහ කොන්ඩම් යනු හෝමෝන රහිත විකල්ප වන අතර ඒවා නිවැරදිව භාවිතා කරන විට ඒවා ඉතා සාර්ථක ක්‍රමවේදයන් වේ. එසේම, මෙම ක්‍රමවේදයන් නිරන්තරයෙන් භාවිතා වේ.
ප්‍රශ්නය: මට පසුව වෙනත් උපත් පාලන ක්‍රමයකට මාරු විය හැකිද?
පිළිතුර: ඔව්. කාලයත් සමග ඔබේ උපත් පාලන අවශ්‍යතා වෙනස් විය හැක. සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවා සපයන්නෙකුගේ උපදෙස් මත ඔබට ආරක්ෂිතව වෙනත් ක්‍රමයකට මාරු විය හැකිය.
ඔබගේ රහස්‍යභාවය සුරකිමින් උපදෙස් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලුම් අප අමතන්න: 077 955 2979
ප්‍රශ්නය: උපත් පාලන ක්‍රමයක් තෝරා ගැනීමේදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණ කුමක්ද?
පිළිතුර: සැමටම පොදුවේ ගැලපෙන එකම හෝ "හොඳම" ක්‍රමයක් නොමැත. වඩාත්ම සුදුසුම තේරීම වන්නේ ඔබේ ශරීරයට, ඔබේ ජීවන රටාවට සහ ඔබේ අනාගත සැලසුම්වලට වඩාත්ම ගැලපෙන ක්‍රමයයි.