1953 දී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරව සහ ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන සංවිධානයකි. වසර 70කට අධික ක්‍රියාකාරී ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ප්‍රජාවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමේ හැකියාව ඇති පුළුල් සංවිධානයක් බවට පරිණාමය වී ඇත.
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පුළුල් අත්දැකීම් සහිත මහජනතාවගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විවිධ වැඩසටහන්වලින් සමන්විත වේ. අපගේ සංගමය පවුල් සැලසුම් සහ උපත් පාලන ක්‍රම, සුවනාරි සත්කාර, ප්‍රසව හා නාරිවේද සත්කාර, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ HIV, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ උපදේශන මැදිහත්වීම් ඇතුළුව ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් ආදිය සම්බන්ධයෙන් ප්‍රවීණත්වය දරන අතර ඒ සඳහා මැදිහත්වීම් සිදු කරයි.
අපගේ කණ්ඩායම වෘත්තීය සහ තාක්ෂණික දැනුමෙන් පරිපුර්ණ අතර විවිධ ප්‍රජා කණ්ඩායම්වල අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සවිස්තරාත්මක සේවාවන් සැපයීම සඳහා තාක්ෂණික දැනුම සහ ජාලගත සම්බන්ධතාවලින් සමන්විත වේ.
අයිතිවාසිකමක් සේ සලකමින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සැමට ලබා දීම.
ස්වෙච්ඡාභාවය හා තිරසාරබව තවදුරටත් පවත්වා ගනිමින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් පිළිබඳ හඩක් නැගීමෙන් ද ඒ හා සම්බන්ධ සේවා සැපයීමෙන්ද පුද්ගලයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ සම්බන්ධතාවන් වඩාත් යහපත් කිරීම.