සමාජ මාධ්‍ය, සංස්කරණය කරන ලද ඡායාරූප සහ සම්ප්‍රදායික රූපලාවන්‍ය ප්‍රමිතීන් පවතින මෙම යුගයේ, "පරමාදර්ශී" සිරුරක් සහ පෙනුමක් යනු කුමක්ද යන්න පිළිබඳව ඕනෑම අයෙකු පහසුවෙන් පෙළඹවීමකට ලක්විය හැකිය. වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා බොහෝ පුද්ගලයන් තම ජීවිතයේ යම් අවස්ථාවක දී, යථාර්ථවාදී නොවන රූපලාවන්‍ය ප්‍රමිතීන් සමඟ සංසන්දනය කරමින් තමන්ගේ හෝ අන් අයගේ ශරීර විවේචනය කිරීමට පෙළඹී ඇත.
තමා විසින්ම හෝ අන් අය විසින් තම ශරීරය සම්බන්ධයෙන් නිරන්තරයෙන් සිදුකරන විවේචන අහිතකර ප්‍රතිඵල ඇති කළ හැකිය. සම්ප්‍රදායික රූපලාවන්‍ය ප්‍රමිතීන්ට වඩා වෙනස් හැඩරුව හිමි පුද්ගලයන් බොහෝ විට අනවශ්‍ය උපදෙස් සහ විනිශ්චයාත්මක අදහස්වලට ලක් වේ. මෙවැනි තත්ත්වයන් පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය, ආත්ම විශ්වාසය, සබඳතා සහ රැකියා අවස්ථා සඳහා බලපෑ හැකි අතර එය තමා පිළිබඳ ලැජ්ජාවක් ඇතිවීම, විෂාදය (Depression), ආහාර ගැනීමේ ආබාධ තත්වයන් (Eating disorders) සහ ඇතැම් ක්‍රියාකාරකම්වලින් බැහැරව සිටීමට හේතු විය හැකිය.
මෙවැනි බාහිර හා අභ්‍යන්තර පීඩනයන් හමුවේ යම් පුද්ගලයෙකුට තමාගේ ස්වභාවික ශරීරය පිළිගැනීම සහ "ශරීරය පිළිබඳ සුබවාදී ආකල්පයක්" (Body positive) පවත්වා ගැනීම අතිශය අභියෝගාත්මක විය හැකිය.
සිරුරේ ස්වභාවය පිළිබඳ සුබවාදී ආකල්පය" (Body positivity movement) මුලින්ම ආරම්භ වූයේ තරබාරු ශරීර සහිත පුද්ගලයන්ට එරෙහි වෙනස්කම්වලට එරෙහිව සටන් කිරීමට වුවද, දැන් එය ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආබාධිතභාවය හේතුවෙන් සම්ප්‍රදායික රූපලාවන්‍ය ප්‍රමිතීන්ට වඩා වෙනස් යැයි හැඟෙන සියලු දෙනාට සහය දක්වයි. මෙම ව්‍යාපාරය සමාජ සම්මතයන්ට අභියෝග කරන අතර, ශරීරයේ හැඩය, බර හෝ පෙනුම නොසලකා තමන්ගේ වටිනාකම නැවත තහවුරු කර ගැනීමටත්, ආත්ම විශ්වාසය ඇති කර ගැනීමටත් පුද්ගලයන්ව දිරිමත් කරයි.
ඔබේ සිරුරේ ප්‍රමාණය පිළිගැනීම යනු ඔබගේ සෞඛ්‍යය තත්වය නොසලකා හැරීම නොවන බව වටහා ගැනීම අතිශය වැදගත්ය. මන්ද සෞඛ්‍යය තීරණය වන්නේ පෙනුමෙන් පමණක් නොවේ. එය මානසික සෞඛ්‍යය, එහා මෙහා යාමේ, චලනය වීමේ හැකියාව, පෝෂණය, නින්ද සහ ආතති මට්ටම් ආදියද මේ සඳහා බලපානු ලබයි. එසේම ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ශරීරය තුළ ආරක්ෂිත බවක් සහ ගෞරවාන්විත බවක් දැනෙන විට ඔවුන් සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන ක්‍රියාකාරකම්වල නිරත වීමට වැඩි නැඹුරුවක් දක්වයි.
ඔබගේ ශරීරය පිළිගැනීමේ ගුණය (Body Acceptance) දියුණු කර ගැනීමට පියවර,
ඔබ අවට වටපිටාව සකසා ගන්න: ඔබේ ශරීරය කෙබඳු වුවත් ඔබ කවුරුන්ද යන වග පිළිගන්නා පුද්ගලයන් ඔබ වටේ තබා ගන්න.
මාධ්‍ය භාවිතයෙන් බැහැර වන්න: ශරීරයේ විවිධත්වය අගය කරන සමාජ මාධ්‍ය ගිණුම් අනුගමනය කිරීම සහ ඔබව පහත හෙලන පරිදි දැක්වෙන හා ඔබට දැනෙන පරිදි අන්තර්ගතයන් ඇති ගිණුම් අනුගමනය කිරීමෙන් වැළකී සිටීම වැදගත් වේ.
ඔබේ සෘණාත්මක සිතුවිලිවලට අභියෝග කරන්න: ඔබ ඔබේ ශරීරය ගැන සෘණාත්මකව සිතන හෝ කතා කරන සෑම විටකම, ඔබ එවැනි දෙයක් ඔබේ මිතුරෙකුට පවසන්නේදැයි ඔබෙන්ම විමසා බලන්න.
සිරුරු ගැන මෘදුව කතා කරන්න: භාෂාව බලවත් වන අතර වචන රිදවන සුලු විය හැකිය. ඔබේ සිරුර සහ අන් අයගේ සිරුරු ගැන කරුණාවෙන් කතා කරන්න. අන් අයගේ ශරීර සහ ඔවුන්ගේ බර ගැන අදහස් දැක්වීමෙන් වළකින්න.
ඔබට සුවපහසුවක් දැනෙන ඇඳුම් අඳින්න: ඔබට හොඳ හැඟීමක් ඇති කරන ඇඳුම් අඳින්න.
බුද්ධිමත්ව ආහාර ගන්න: ඔබේ ශරීරයට සවන් දෙන්න. කුසගිනි දැනෙන විට ආහාර ගන්න, බඩ පිරුණු විට නතර කරන්න.
දැඩි ආහාර පාලනයෙන් (Strict diet culture) වළකින්න: දිගුකාලීනව පවත්වාගෙන යා නොහැකි හෝ ප්‍රායෝගික නොවන ආහාර පාලන ක්‍රමවලින් සිදුවන යහපතට වඩා හානියක් ඔබට සිදුවිය හැකිය.
ඔබට සතුටක් ගෙන දෙන ව්‍යායාමයක නිරත වන්න: එය නැටුම්, ඇවිදීම හෝ පිහිනීම වැනි ඔබට හොඳ හැඟීමක් ඇති කරන ඕනෑම දෙයක් විය හැකිය.
ශරීරය පිළිබඳ සුබවාදී ආකල්පය සෑම ස්ථානයකම තිබිය යුතුය: පාසලේ සිට සේවා ස්ථාන සහ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන දක්වා, සැමට අන්තර්කරණය වූ ප්‍රතිපත්ති සහ පහසුකම් මගින් ගෞරවය සහ පිළිගැනීම සහිත පරිසරයක් නිර්මාණය කළ යුතුය.
යමෙකු සමඟ කතා කරන්න: පවතින සමාජ පීඩනයන් හමුවේ ඔබේ ශරීරය පිළිගනිම ඇතැම් විට අභියෝගාත්මක සහ දරාගත නොහැකි විය හැකිය. මානසික සෞඛ්‍ය පිලිබඳ වෘත්තිකයෙකු සමඟ කතා කිරීම ඔබේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
අවසාන වශයෙන්, ශරීරය පිළිබඳ සුබවාදී ආකල්පය යනු සිරුරේ ප්‍රමාණය හෝ පෙනුම නොසලකා සෑම පුද්ගලයෙකුම ගෞරවයට සහ ගරුත්වයට සුදුසු බව පිළිගැනීමයි. ඔබ හෝ ඔබ දන්නා හඳුනන අයෙකු ශරීරය පිළිගැනීම (Body acceptance) සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දෙන්නේ නම්, කරුණාකර ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ආලෝක උපදේශන මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න: දුරකථන: +94 779895252 ලිපිනය: අංක 37/27, බුලර්ස් පටුමග, කොළඹ 07