ප්‍රශ්නය: ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන යනු කුමක්ද?
පිළිතුර: ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන යනු ලිංගික එක්වීමක් මඟින් එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝ වන ආසාදන තත්ත්වයකි. ඇතැම් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සඳහා ප්‍රතිකාර කිරීම ඉතා පහසු වන අතර, ප්‍රතිකාර නොකළහොත් වෙනත් ආසාදන ඇතිවීම මගින් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති විය හැක.
ප්‍රශ්නය: ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවල පොදු රෝග ලක්ෂණ මොනවාද?
පිළිතුර: ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලදී සැමවිටම රෝග ලක්ෂණ මතු නොවේ. නමුත් රෝග ලක්ෂණ පවතින විට ඔබට පහත තත්ත්වයන් නිරීක්ෂණය විය හැක.
ශිෂ්ණයෙන් හෝ යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස ශ්‍රාවයන් පිටවීම
මුත්‍රා කිරීමේදී ඇති වන වේදනාව හෝ දැවිල්ල ස්වභාවය
ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇති වන තුවාල, බිබිලි හෝ පලු දැමීම්
ලිංගාශ්‍රිත ප්‍රදේශයේ කැසීම හෝ දැවිල්ල
ලිංගික එක්විමකදී ඇති වන වේදනාව
උදරයේ පහළ කොටසේ ඇති වන වේදනාව
ප්‍රශ්නය: රෝග ලක්ෂණ කිසිවක් නොමැතිව වුවද ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් වැළඳීමට ඉඩකඩ පවතීද?
පිළිතුර: ඔව්. ක්ලැමීඩියා හෝ ගොනෝරියා වැනි ආසාදන වැළඳී ඇති බොහෝ පුද්ගලයන්ට කිසිදු රෝග ලක්ෂණයක් මතු නොවේ. මේ හේතුව නිසා නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදු කර ගැනීම අතිශයින්ම වැදගත් වේ.
ප්‍රශ්නය: මා වෛද්‍යවරයකු හමු විය යුත්තේ හෝ පරීක්ෂණයකට භාජනය විය යුත්තේ කවදාද?
පිළිතුර: ඔබට පහත සඳහන් තත්ත්වයන් පවතියි නම් පරීක්ෂණ සිදු කරගත යුතුය.
ඔබ අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුකර ඇත්නම්
ඔබට කිසියම් රෝග ලක්ෂණයක් නිරීක්ෂණය වන්නේ නම්
ඔබ නව ලිංගික සබඳතාවක් ආරම්භ කරන්නේ නම්
ඔබේ සහකරු හෝ සහකාරිය ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයකට ලක්වී ඇත්නම්
ප්‍රශ්නය: ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සඳහා ප්‍රතිකාර කළ හැකිද?
පිළිතුර: බොහෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ඖෂධ මඟින් සම්පූර්ණයෙන්ම සුව කළ හැක. සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි ආසාදන වුවද නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ රැකවරණය මඟින් සාර්ථකව පාලනය කිරීමේ හැකියාව පවතී.
ප්‍රශ්නය: මට ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් වැළඳී ඇතැයි සැක සිතේ නම් කළ යුත්තේ කුමක්ද?
පිළිතුර: අනියත බියක් ඇති කර නොගන්න. තමන්ගේ මතයට අනුව ඖෂධ භාවිත කිරීමෙන් වැළකී නිසි පරීක්ෂණ සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා හැකි ඉක්මනින් සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවා සපයන්නෙකු වෙත යොමු වන්න.
සහය සහ මඟපෙන්වීම් සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අපගේ බ්ලූම් වෛද්‍ය උපකාරක සේවයේ දුරකථන අංකය අමතන්න: 077 955 2979