මගේ වෘෂණ කෝෂ අසමාන ඇයි? එය සාමාන්‍ය තත්ත්වයක්ද? | The Family Planning Association of Sri Lanka

මගේ වෘෂණ කෝෂ අසමාන ඇයි? එය සාමාන්‍ය තත්ත්වයක්ද?

ශිෂ්ණයක ප්‍රමාණය සැබවින්ම වැදගත්ද?

මිනිස් සිරුර නිරන්තරයෙන් වෙනස් වන අතර, විවිධ පුද්ගලයන් අතර ශරීරයේ ස්වභාවය විවිධාකාර විය හැකිය. කිසිදු පුද්ගලයන් දෙදෙනෙකුගේ ශරීර එක හා සමාන නොවන අතර, සමාන නිවුන් දරුවන්ගේ පවා වෙනස්කම් පවතී. විශේෂයෙන්ම බාල කාලයේදී සහ යොවුන් විෂයේදී සිදුවන ශීඝ්‍ර වර්ධනයත් සමඟ සරීරයේ මෙම වෙනස්කම් අඛණ්ඩව සිදු වේ. ශරීරයේ ලිංගික අවයවයන් ද මෙම වෙනස්කම්වලට පොදු වේ.

වෘෂණ කෝෂ සහිත පුද්ගලයන් නිතර අසන ප්‍රශ්නයක් වන්නේ " මගේ වෘෂණ කෝෂ අසමාන ඇයි?" යන්නයි.

සරලවම කිවහොත්, වෘෂණ කෝෂ සාමාන්‍යයෙන් අසමමිතික වේ. බොහෝ දෙනෙකුගේ වීම වෘෂණ කෝෂය දකුණු වෘෂණ කෝෂයට වඩා මදක් පහළින් පිහිටයි. මේ සඳහා බලපාන ජෛව විද්‍යාත්මක හේතු කිහිපයක් පවතී.

  1.  වෘෂණ කෝෂ එකිනෙක තද වීම වැළැක්වීම (එමඟින් ඇති විය හැකි අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා)

  2.  එක් එක් වෘෂණ කෝෂයේ රුධිර නාල වල පවතින වෙනස්කම් හේතුවෙන් ඒවායේ ප්‍රමාණයන් එකිනෙකට වෙනස් විය හැකිය.

සුළු වෙනස්කම් සාමාන්‍ය වුවත්, ඔබේ වෘෂණ කෝෂ වල පෙනුම සහ ස්වභාවය පිළිබඳව අවබෝධයකින් සිටීම වැදගත්ය. එවිට යම් හදිසි වෙනසක් සිදුවුව හොත් එය වහාම හඳුනාගත හැකිය. ඉදිමීම, රතු වීම හෝ පැහැය වෙනස් වීම, හෝ දැඩි වේදනාවක් වැනි හදිසි වෙනස්කම් ඇත්නම් වහාම සේවකයෙකු හමුවිය යුතුය. මන්දයත් ඒවා ආසාදනයක, වෘෂණ කෝෂ ඇසිරීමක (torsion) හෝ කාල ඉදිමීම (varicocoeles) ලක්ෂණ විය හැකි බැවිනි.

ශිෂ්ණයේ ප්‍රමාණය පිළිබඳ කනස්සල්ල

ප්‍රාණවත් වූ ශිෂ්ණයක ප්‍රමාණය විවිධ ජාතීන් අනුව බෙහෙවින් වෙනස් වේ. මාධ්‍ය (ලිංගික දර්ශන) හෝ සමාජයීය කතාඛ්‍යා තුළ විශාල ශිෂ්ණයන් ගැන වැඩිපුර කතාබහට ලක් වුවද, සාමාන්‍ය ප්‍රාණවත් වූ ශිෂ්ණයක දිග අඟල් 5-6ක් පමණ වේ. තවද, ශිෂ්ණයේ දිග සහ ලිංගික තෘප්තිය අතර සෘජු සම්බන්ධයක් නොමැති බව වටහා ගැනීම වැදගත්ය. ලිංගික තෘප්තිය කෙරෙහි වැඩි වශයෙන් බලපාන්නේ ආත්ම විශ්වාසය, සමීපභාවය සහ චිත්තවේගීය බැඳීම බව සොයාගෙන ඇත.

පිගේ ශිෂ්ණයේ බිබිලි හටගෙන ඇත්තේ ඇයි?

ශිෂ්ණය මත හෝ ලිංගික ප්‍රදේශය අවට බිබිලි ඇති වීමට විවිධ හේතු තිබිය හැකිය. බොහෝ විට ශිෂ්ණ කෙළවරෙහි (හිසෙහි) වටා ඇති කුඩා පිරිලි සාමාන්‍ය වන අතර ඒවා 'pearly penile papules' ලෙස හැඳින් වේ. මේවා වේදනාවක් හෝ ශ්‍රාවයක් පිට නොවන හානිකර නොවන බිබිලි වුවද, බොහෝ දෙනෙකු මේවා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලෙස වරදවා වටහා ගනී. වෙනත් හේතු අතර ලෝම කුප ආසාදන (ingrown hairs), ආසාදන (හර්පීස්, ලිංගික ඉන්නන් හෝ උපදංශය) හෝ සෝරියසිස් වැනි චර්ම රෝග ද තිබිය හැකිය.

ශරීරයේ වෙනස්කම් පිළිබඳව සැකයක් හෝ සුළු කනස්සල්ලක් ඇති වීම සාමාන්‍ය වුවත්, බොහෝ අවස්ථා වලදී ඒවා ඉතා ස්වාභාවික වෙනස්කම් වේ. කෙසේ වෙතත්, යම් ගැටලුවක් ඇත්නම් අන්තර්ජාලයේ පිළිතුරු සෙවීමට වඩා වෘත්තීය මට්ටමේ සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ. සායනික උපදේශනයක් මගින් ඔබේ අනවශ්‍ය සිය දුරු කර ශරීරයේ වෙනස්කම් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගත හැකිය.

ඔබ හෝ ඔබ දන්නා අයෙකු ශරීරයේ වෙනස්කම් හෝ තමාගේ ශරීරය පිළිගැනීම සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දෙන්නේ නම්, කරුණාකර පහත ආයතන සම්බන්ධ කරගන්න:

බ්ලූම් වෛද්‍ය සායනය (Bloom Medical Clinic)

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ආලෝකය උපදේශන මධ්‍යස්ථානය (+94 779895252, අංක 37/27, බුලර්ස් පටුමග, කොළඹ 07)

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2026 | Family Planning Association All Rights Reserved
As Imagined By