මම ඇයව නාලිකා යනුවෙන් හදුන්වමි. ඇය තිස්දෙහැවිරිදි කාන්තවකි. ඇය නිසි වයසේදී ඇගේ දෙමාපියන්ගේද ආශිර්වාද මැද විවාහ දිවියට එලබුනේය. නමුත් ඇගේ සොදුරු විවාහ දිවිය කඩා වැටීමට ගතවුයේ මාස තුනකි. ඉන්පසූ නැවත තම මාපියන් වෙත පැමිණි ඈ, තම තනිකඩ දිවියට නැවත එලබුනි. පාලිත ඇගේ ජිවිතයට පැමිණෙන්නේ මේ කාල සීමවේදීය. දෙමපියන්ගේ අකමැත්ත පසෙකලා ඇය හොර රහසේම ඔහූ සමග පලා යයි. සුවහසක් බලපොරොත්තු තබාගනිමින් ඇය ඒ ගිය ගමන අවසන් වීමට ගතවූයේ ඉතා කෙටි කාලයකි. ඇගේ සැමියා තදින්ම මතට ඇබ්බැහීවූ තැනැත්තෙකි. නිතරම ඔහුගේ තාඩන පීඩන වලට ලක්වන ඇය දරුවෙක් සෑදීමට තීරණය කලේ එමගින් හෝ තම සැමියා යහමගට ගැනීමට සිතමිනි. ඇගේ සැමියා නිතරම ඇගෙන් මුදල් ඉල්ලමින් ඇයට පහර දෙන්නට විය. ගැබිනි කාන්තාවකට අවශ්‍ය කරන්නා වූ පෝෂණය ඇයට නොලැබුනි. ඒ වෙනුවට ඇයට සිදූවූයේ ඇගේ සැමියගේ පහරදීම් වලට මුහුන පාන්නටය. ගැබිනි මවකට අවශ්‍ය පරිසරය ඒ නිවස තුල නොතිබුනි. දිනක් බීමතින් පැමිනි ඇගේ සැමියා ඇයට පහර දෙන්නට වුයේ මුදල් ඉල්ලමිනි. ඒ වනවිට පස්මස් ගැබිනියක් වූ ඈ එම පහරින් බිම ඇදවැටුනි. ඒ අවස්ථාවේ එතනින් පලාගොස් අසල නිවසකට පැමිනියේය. ශරීරයට පෝෂණය නොලැබීම නිසාදෝ ඇය ඉතා දුර්වලව සිටියේය. මෙම සිදුවීමෙන් ඇය තම මාපියන් වෙත පැමිණියේය. ඇගේ දෙමාපියන් මේ පිලිබඳ පොලීසිය පැමිණිලි කරන ලදී. මේ අතර නාලිකාව රොහල් ගත කරන ලද්දේ පහර දීම නිසා දරු ගැබට හානි වී ඇත්දැයි බැලීමටය. වාසනවකට ඇගේ දරුවා සුවෙන් සිටියේය. පසුව නැවත ඈ තම සැමියා වෙත ගියද එහිදී නැවත ඔහු ඇයට පහර දෙන්නට විය. මෙවැනි පහර දුන් අවස්ථාවකදී ඇගේ එක් කනකට හානි සිදුවිය. පසුව ඇය තම මාපියන් වෙත ගියේ නැවත නොඑන්නට සිතා ගනිමිනි. එහිදී ඇය තම දරුවා බිහි කලේය. ඈ හට දැන් අවශ්‍ය වී ඇත්තේ සැමියගෙන් වෙන්වීමටය. මේ වනවිට ඇය විශාදයෙන් පීඩා විදී . . . 

ගෘහස්ථ හිංසනය යනු කායික වශයෙන් හානි පැමිණවීම පමණක් නොව මානසිකව යම් පුද්ගලයෙකුට හානි කිරීමද හිංසනයයි. කාන්තවකට පවුල තුල ලැබිය යුතු ආදරය, ආරක‍ෂාව, ගෞරවය නොලැබී යාම හේතුවෙන් ඇය බොහෝ පීඩාවට පත්වෙයි. සමාජය තුල විශේෂ  රැකවරණයක් අවශ්‍ය පිරිස අතර කාන්තාව ප්‍රමුඛ ස්ථානයක් ගනී. ශ්‍රි ලංකාව තුල වයස අවුරුදු 15 සිට 49 දක්වා වූ විවාහක කාන්තාවන්ගෙන් 17%ක ප්‍රතිශතයක් ගෘහස්ථ හිංසනයට ලක්වේ. ශ්‍රි ලංකවේ මඩකලපුව, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල මෙම ප්‍රතිශතය ඉතා ඉහල අගයක් ගනී. ඇතම් අවස්ථාවලදී කාන්තාවන් තම පවුල් ජිවිත රැක ගැනීමට හෝ පවුලේ ගෞරවය ආරක‍ෂා කිරීමට තමාට වන හිංසා පිලිබඳ  අවදාරනය නොකරයි. මෙවැනි අවස්ථාවකදි ඇගේ පවුලේ සහයෝගය ඇයට ලබාදිම ඉතා වැදගත් වේ. බොහෝවිට මෙම හිංසනයක් වැඩී වීමට හේතුවක් වන්නේ කාන්තාවන්ට තම ගැටලූ ඉදිරිපත් කිරීමට ඇති ආයතන පිලිබඳ දැනුවත් නොවීමයි. මෙවැනි ආයතන පිලිබඳ හා ගෘහස්ථ හිංසනය පිලිබඳ ඇති නීති රීති පිලිබඳ දැනුවත් කිරීම වගකිවයුත්තන්ගේ වගකීමකි. කාන්තාවන් මෙන්ම පිරිමින්ද මෙවැනි හිංසනයට ලක්වේ. සමාජය තුල මෙවැනි පුද්ගලයන්හට රැකවරණය සැපයීම අප කාගෙත් සමාජ වගකීමකි.

එරන්දි