"මගේ නම ඉෂානි ,මට වයස 25යි දැනට වෘත්තීය පුහුණුව ලබනවා.මම ලබා ගන්න මේ පුහුණුවෙන් අනතුරුව මම ස්වයං රැකියාවක් කරන්න හිතා ගෙන ඉන්නවා.
 

මම කැමතියි මගේ ජිවිතේ ඉස්සරහට යන්න, ලස්සන ආදරයක් එක්ක. මට උපතින්ම කතා කරන්න බෑ. අපේ පවුලේ අඟ හිඟකම් නිසා මට වැඩිදුර අධ්‍යාපනය හදාරන්න අවස්ථාවක් ලැබුණේ නෑ . මට ආදරේ කරන්න කෙනෙක් ලැබුනා Facebook එකෙන් එයත් මං වගේම කතා කරන්න බැරි කෙනෙක්. මම හිතුවා එයා එක්ක ලස්සන අනාගතයක් ගත කරන්න. මගේ සම්බන්ධය ගෙදර අයත් දැනුවත් වෙලා උන්නේ. දවසක් එයා අපේ ගෙදර ආවා අම්මා නැති වෙලාවක. මාව කාමරේට දාගෙන කරදර කරා. ඒ අපේ පලවෙනි හමුවීම. මම එයාගෙන් බලාපොරොත්තු උන ආදරේ අපේම කියල ලස්සන අනාගතයක්, එත් එයාට ඕනේ උනේ මගෙන් කායික ආශාවන් ඉටුකරගන්න විතරයි. එදා මම එයාගෙන් බේරුනා. තවත් දවසක එයා අපේ ගෙදර අවා. ඒ වෙද්දී මම කලින් සිදුවීම මම දන්නා යට කියලයි තිබ්බේ. එදා එයාට අපේ ගෙදරට එන්න වුනේ නෑ. ගමේ ය එයාට ගැහුවා පුටුවක් කැඩෙනකන්. අන්තිමට පොලිසියට ගිහින් ආරවුල සමතයට පත් කලා."

 

ඉතාමත් සංවේදී ලෙස මුහුණේ ඉරියව් වලින් පවා ඇගේ කටුක අත්දැකීම ප්‍රකාශ කල ඈ අවසානයේ කියා සිටියේ මෙලෙසිනි.

 

”මට ඔනේ ආදරයක් එත් මම කැමති නෑ අනවශ්‍ය විදිහට මගෙන් ප්‍රයෝජන ගන්න අයට.”

හුදෙක් ලෝකය තුළ මිනිසාට තනියම වාසය කල නොහැක. සබඳතා මිනිසුන්ගේ මූලික අවශ්‍යතා වන කෑම, නිවාස, ඇදුම් වලට පමණක් නොදෙවෙනි වේ. නූතන සමාජ තුළ ජිවත් වන විටදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගත් විට. ස්ත්‍රීය බොහෝවිට සමාජය තුළ පීඩාකාරී තත්වයට ලක් වේ. එය ලොකු කුඩා, බාල මහලු වයස් බේද අදාල නොවේ.

 

උක්ත කතාවට අනුව කායික, මානසික, වාචික ලෙස මිනිසුන් පීඩාවට ලක් කල හැකිය. උක්ත කතාවේ එන මනකල්පිත නම සඳහන් තැනැත්තිය සම්මුඛ සාකච්චාව තුළදී පෙන්වන ලද වීඩියෝ පටයෙන් පෙනී යන්නේ ඇය තම පෙම්වතාගේන් Sign Language (හස්ත සංඥා වලින් පවා මානසිකව පීඩා විඳ ඇතිබවයි.

 

ස්ත්‍රීයක් වූ පමනින් සමාජය තුළ පීඩාවට පත් වීම ස්ත්‍රීයකටම පොදු වූවක් නොව පුරුෂයන් ද සමාජයේ පීඩාවට ලක්වේ. ස්ත්‍රී පුරුෂ සමාජයභාවය හේතුවෙන් පීඩාවට ලක්වන සාමාන්‍ය ජනතාව මෙන්ම විශේෂ ආබාධයන්ට ලක්වූවන්ට ද නීතිය මගින් සාධාරණයක් කල යුතුය. එය තනි එක් පුද්ගලයකුට කල නොහැක. සමාජයේ ඇති ප්‍රශ්න මුලූ මහත් සමාජය විසින්ම විසදීමට නැගී සිටිය යුතුය.

 

ඩිවන්ති මධුෂිකා