තොරතුරු මධ්‍යස්ථානය
Enjoyed ?98
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ තොරතුරු මධ්‍යස්ථානය කොළඹ 7, බුලර්ස් පටුමගේ අංක 37/27 දරන ස්ථානයේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇත. සංගමයේ තොරතුරු රැස්කිරීමේ හා ප්‍රචාරණය කිරීමේ කේන්ද්‍රස්ථානය වන්නේ එයයි. විවිධ විෂයයන් පිළිබඳව වූ පොත්, වාර ප්‍රකාශන, සඟරා, විද්‍යුත් හා බහුමාධ්‍ය සම්පත්වල එකතුවකින් සමන්විත බහුකාර්ය ලේඛනාගාරයක් ලෙස එය සැලකිය හැක. තවද, එහි පවතින සුවදායක හා සැහැල්ලු වටපිටාව තොරතුරු වෙත අවහිරයකින් තොර ප්‍රවේශ්‍ය සපයයි. දැනුම නිර්මාණය හා ප්‍රචාරණය යන සංගමයේ ප්‍රධාන අරමුණ අනුව යමින් යාවත්කාලීන තොරතුරු වෙත ප්‍රවේශය ලබා ගැනිමට කැමැති අය සඳහා පොත් එකතුව පිළිබද සාරාංශයක් නිරන්තර පදනමකින් සපයනු ලැබේ.
විමර්ශනය සඳහා ඇති ග්‍රන්ථ
- නව යෞවනයන් කෙරෙහි විශේෂ අවධානය යොමුකරමින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය, එච්.අයි.වී./ඒඩ්ස්, ගබ්සා, අධිවාචනය, ස්ත්‍රීපුරුෂ සමාජභාවය, උපදේශනය සහ පවුල් සැලසුම
- කළමනාකරණය. ගිණුම්කරණය, මානව සම්පත් හා පුහුණුව ආදිය පිළිබද ග්‍රන්ථ
- වාර්තා වැඩසටහන් ඇතුළුව විඩියෝ පට හා ඩීවීඩී එකතුවක්
- විවිධ විෂය ක්ෂෙත්‍රයන් පිළිබඳ මුද්‍රිත වාර ප්‍රකාශන
- ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය විසින් පවත්වන ලැබූ පර්යේෂණ අධ්‍යයන
සේවා
- පොත් බැහැර දීම
- ඡායා පිටපත් සේවය
- සාමාජිකයන් නොවන අයට තොරතුරු මධ්‍යස්ධාන පරිශ්‍රයේ සිට පොත් විමර්ශනය කිරිමට හැකිවීම
- තොරතුරු මධ්‍යස්ථානයේ මාර්ගගත දත්ත සමුදාය හරහා විද්‍යුත් පොත් කියවීමේ පහසුකම