චින්තන පුහුණු මධ්‍යස්ථානය | The Family Planning Association of Sri Lanka

චින්තන පුහුණු මධ්‍යස්ථානය

චින්තන පුහුණු මධ්‍යස්ථානය කොළඹ සිට කිලෝමීටර් 50 ක් දුරින් කොළඹ-පුත්තලම ප්‍රධාන මාර්ගයේ අක්කර 10ක පොල් වගාවක් මධ්‍යයයේ පිහිටා ඇති අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට පැය භාගයකින් එය කරා ලඟාවිය හැක. නවීන පුහුණු පහසුකම්වලින් සමන්විත එය ගෘහස්ථ මෙන්ම එළිමහන් පුහුණු, සම්මන්ත්‍රණ, සම්මේලන හා අනෙකුත් ආයතනික උත්සව පැවැත්වීම සඳහා කදිම ස්ථානයකි.

පහසුකම්

  • හොඳින්ඉඩකඩ සහිත නවීන බහුමාධ්‍ය පහසුකම්වලින් සමන්විත වායු සමනය කරන ලද ශ්‍රවණාගාර දෙකකින් යුක්ත අතර 150 කට ආසන්න පිරිසකට ඉඩ පහසුකම් තිබේ.
  • විවිධ ආහාරපාන සහිත විශාල භෝජනාගාරය.
  • විනෝදාස්වාද හා එළිමහන් ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය තරම් ඉඩ පහසුකම්.
  • පවුල් හමු, සමාජීය හා ආයතනික විශේෂ අවස්ථා සදහා යෝග්‍ය වේ.
  • වාහන නතර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම්.
  • බැඳි නාන කාමර සහිත ඉඩ කඩ ඇති කාමර 25කි. පිරිසිදු ඇඳ ඇතිරිලි, කොට්ට, තුවා සහ මදුරු දැල් සපයනු ලැබේ.

වෙන්කරවා ගැනීම් හා වැඩි විස්තර සඳහා පහත අංකය අමතන්න

රුවන් කළුපහන මයා
දුරකථන: +94 31 2 251 251
විද්‍යුත් තැපෑල: chinthana@fpasrilanka.org

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By